හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු, ඊජිප්තුවේ පිහිටුවූ අන්තර්වාර රජයේ නව ජනපතිවරයා ලෙස බලයට පත් හිටපු අගවිනිසුරු ඇඞ්ලි මන්සූර් ඊයේ (8) දිනයේ නව අගමැතිවරයකු පත් කිරීමට නියමිතව සිටියේය.
නව අගමැති ධුරයට දෙදෙනකුගේ නම් යෝජනා වී තිබුණි. ඉන් එක් අයකු නොබෙල් සාම ත්‍යාගලාභී මොහොමඞ් එල් බේරූට්ය. දෙවැනියා සිහාඞ් එල්ඞීන් ය. ඔහු නීතීඥවරයෙකි.
මේ අතර බලයෙන් නෙරැපූ ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් සහ මොර්සි විරෝධීන් අතර ඊයේ (8) ද කයිරෝ අගනුවර හටගත් දරුණු ගැටුම්වලින් මොර්සි ආධාරකරුවෝ 35 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd