මුස්ලිම් ලොව කලඹවමින් නබි නායකතුමාටත් ඉස්ලාම් දහමටත් නිගරු වන අන්දමේ චිත‍්‍රපටය නිර්මාණය කළ ඇමෙරිකානු ජාතිකයා මරා දමන අයකුට ඇමෙරිකන් ඩොලර් ලක්ෂයක මුදලක් පිරිනැමීමට තමන් සූදානම් යැයි පාකිස්තාන දුම්රිය කටයුතු පිළිබඳ ඇමැති ගුලාම් අහ්මඞ් පවසයි. ”ඉස්ලාම් දහමටත් නබි නායකතුමන්ටත් නිගරු කළ ඇමෙරිකානුවා මරා දමන්න ඕනෑ. ඔහු මරා දමන ඕනෑම අයකුට මුදල් ත්‍යාගයක් පිරිනමන්න මා සූදානම්. මා තලේබාන් සහ අල්කයිඩා මුස්ලිම් සොහොයුරන්ගෙන් ද එම ඉල්ලීම කරන්න කැමැතියි ” යැයි ඇමැතිවරයා කියා සිටියේ පෙරේදා (22) ඉස්ලාමාබාද් නුවර මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදීය. ඇමැතිවරයාගේ එම ප‍්‍රකාශය රජයේ ස්ථාවරය නොවන බව පාකිස්තාන රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. නබි නායකතුමාටත් ඉස්ලාම් දහමටත් නිගරු වන අන්දමින් ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ යන නමින් සිනමාපටයක් නිර්මාණය කළේ නකූලා බැසලේ නමැති 56 හැවිරිදි ඇමෙරිකානු ජාතිකයාය. ඔහු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර පදිංචිකරුවකු වන අතර ඊජිප්තු ජාතිකයකු වන ඔහු ඇමෙරිකාවට සංක‍්‍රමණය වී ඇත්තේ 1990 දශකයේදීය. නකූලාගේ චිත‍්‍රපටයට ඇමෙරිකාවේ මුස්ලිම්වරුන්ගේත් එරට සුදු ජාතිකයන්ගේත් විරෝධය එල්ල වී ඇත. එම නිසා නකූලා සහ පවුලේ අයට ඇමෙරිකාව තුළින් ප‍්‍රහාරයක් එල්ල වේවි යැයි ඇමෙරිකා ආරක්ෂක අංශ බිය පළ අතර ඔවුන් ආරක්ෂිතව රහස් ස්ථානයනට ගෙන යෑමට ද ඇමෙරිකානු ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ චිත‍්‍රපටය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා විශේෂ ප‍්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ තමන් එය දැඩි ලෙස පිළිකුල් කරන බවත් තරයේ එය හෙළා දකින බවත්ය. ඉකුත් සිකුරාදා දින පාකිස්තානයේ ඉස්ලාමාබාද්, කරච්චි, ලාහෝර් සහ පෙෂවෝර් යන නගරවල ප‍්‍රචණ්ඩකාරී ඇමෙරිකානු විරෝධතා පැවැත්වුණු අතර කලහකාරීව හැසිරුණු පිරිස් කඩ සාප්පුවලට පහර දෙමින් වාහන ගිනිබත් කරන්නට වූහ. කලහකාරී එම පිරිස් මර්දනයට පොලිසිය යෙදවීමට පාකිස්තාන රජයට සිදුවූ අතර පොලිසිය සමඟ ඇතිවුණු ගැටුම්වලින් විරෝධතාකරුවෝ 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ පිරිස 200 කට වැඩි විය. මේ අතර ඉස්ලාමාබාද් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට කඩා වැදීමට පන්සියයකට අධික විරෝධතාකරුවන් පිරිසක් උත්සහ කළ ද එය අසාර්ථක විය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් යාඥා කරනවා (නි)
ඔච්චර විරෝධයක් තියෙනවා නම් ඇයි $ වලින් ගෙවන්නෙ? පාකිස්ථාන් මුදලින්ම ගෙවලා දාන්න තිබුනණේ. (නි)
සොයිසා, මම ඔබ සමගයි. (නි)
මමත් සල්ලි කීයක්හරි දෙන්නම්. තවත් හදන්න (නි)
සොයිසා, ඔයා නිෂ්පාදකට සල්ලි දෙන්න කලින් ඔයාගේ ගෙදර අයට කන්න තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. (නි)
ලෝකේ මෙහෙම දේවලුත් වෙනවලු
වරදක් කළා වරද පිලි ගත්තා දඩුවම් දුන්නා
පිරුණු කළේ දිය නොසෙලේ කියලා අපේ පැරැන්නෝ කියලා තියෙනවා..!(නු)
ආගම් වලට නිගා කලේ මොකටද
ලංකාවේ නම් එහෙම වෙයිද
ජයවේවා
අනුමත කරනවා
අන්න වැඩ
නිසල්, මුලින්ම හොදට පුවත කියවලා ඉන්න (නි)
නිතියනම් නිතිය
මේ වැඩේ කරන්න ලක්ෂයකින් පුළුවන්ද? (නදී)
මේවා කිරිමට පෙර තමන්ගේ නිවසේ අය ගැන සිතිය යුතුයි (නි)
සොයිසා, ඔයා නිශ්පාදකට සල්ලි දෙන්න පළමුව ඔයාගේ ගෙදර අයට කන්න තියෙනවාද කියලා ටිකක් බලන්න.!(නු)
අපේ කට්ටිය හොඳයි නිකරුනේ කියව කියව ඉන්න විතරක් (ස)
මෙම කථාවෙන්ම එම චිත්‍රපටයේ කියන දේ ඇත්ත කියලා ඔප්පු කළා. (නි)
හොදම වැඩේ
වැඩේ හරි මම කියන්නේ
මම ඉන්නේ ලොස් ඇන්ජෙලීස් නුවර. මට ඕනෑ නම් ඔය ඩොලර් ලක්ෂය ලේසියෙන් ගන්න පුළුවන්. නමුත්... තමන්ගේ ආගමේ නාමයෙන් හෝ පර පණක් නැසීම හෝ හිංසා කිරීම නම් වූ අපායගමී අකුසලයෙන් මිදී සිටීම ලක්ෂයක් නොවෙයි ලෝකෙම රත්තරන් කරලා අතට දෙනවා කිවුවත් මම කරන්නේ නැහැ. බඩගින්නේ පාරක් අයිනේ මැරී වැටුනත් මම ඔය වගේ අකුසලයක් කරන්නේ නැහැ. භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් වන අපිව අකුසලයෙන් වැළකී සිටීමට මග කියා දුන්නේ එහෙමයි. නමුත් අන් ඕනෑම අයෙක් කියන්නේ, මිනිස්සු මරන්න එපා නමුත්, දෙවියන්ගේ නාමයෙන් මැරුවොත් පවු නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා උන්වහන්සේගේ ශ්‍රාවකයෙකු වුණත් ඉගියකින් හරි තිරිසනකුගේවත් පණ නැසීමට අනුබලයක් දීමක් පවා භික්ෂුත්වය පවා නැතිවෙන සේම දුගතියට යාමට කර්ම සකස්වෙන බව, එය ලෝක සාධාරණ ධර්මතාවයක්, ආගමකට සීමවෙන්නක් නොවෙන බව හොදට පෙනෙනවා. වෙන අයට එක නීතියකුත් තමන්ගේ යට තව විදිහකටත් සලකන දෙවි කෙනෙක් බුදු දහම තුළ නැතිය. ඇත්තේ විශ්ව සාධාරණ දහමකි. ඔබ වී වැපුරුවොත් සහල් ලැබේ, මුං වපිරුවොත් මුං ලැබේ. (නි) (නි)
මේ හටගෙන ඇති ක්‍රෝධ ගිනිදැල් නිවී , සියලු මිනිසුන්ට ශාන්තිය උදා වේවා! සිත් පහදවාගෙන මේ මිනිසුන්ගේ සිත් ක්‍රෝධයෙන්, වෛරයෙන් මිදී සුවපත් වේවා! සියල්ලෝම සතුටු සිත් ඇත්තෝ වෙත්වා! සැනසීම ලබත්වා! සමහරවිට ඒ මෛත්‍රී බලයෙන් මේ ලෝකයේ මේ හටගත් ගින්දර නිවිලා යයි. කොහොම නමුත් ලෝකෙට යම් විනාසයක් වෙන්න තිබෙනවානම් අපිට එය නවත්වන්න බැහැ. කවුද දන්නේ 2012 අවසානයේ මේ වෙන්නේ මොකක් හරි එකක මුල කියලා. අපි අප්‍රමාදව ධර්මය දියුණු කොට සුගතිගාමී වෙන්න වීරිය ගමු. (නි)
ඇප්ගනිස්ථාන් රටේ තිබූ බූදූ පිළිමේ ශෙල් වෙඩි දමා විනාශ කළා මෙන්ම මීට කලින් කිහිප වතාවකදීම බූදූන් වහන්සේටත් නිගරු වන අන්දමේ සපත්තූ වල සහ ඇදූම් වල වගේම යට ඇදූම් වල පවා බූදූන් වහන්සේගේ රුව යොදා ගනිමින් වෙළද පලට නිකූත් කලද කිසිම රටක බෞද්ධ කිසිවෙකූ නැගී නොසිටීම ඇත්තටම කණගාටූ විය යූතූ කරුණකි. (නි)
නිර්දෝෂී මුස්ලිම්වරු..(ස)
මොන ආගමකටවත් නිගාකරන්න හොද නැහැ (නි)
මමත් කීයක් හරි දෙනවා.(ස)
අනේ කාලේ වනේ වාසේ
මම කීයක් හරි සල්ලි දානවා. මෙහෙම චිත්‍රපටි තව තවත් වැඩිපුර හදන්න. නිෂ්පාදකට ජය වේවා! (නි)
ඇමරිකාවට අකමැතිනම් ඩොලර් දෙන්නෙ ඇයි.? පකිස්ථාන රුපියල් නැද්ද?(නු)
අපිට මොකද අනේ
මමත් පුළුවන්නම් කීයක් හරි දෙනවා.. (ස)
කොහොමද වැඩේ
පරිස්සමෙන් ගොයියෝ
අනේ හොදයි
බීජ වපුරා හොද අස්වැන්නක් ලබා ගැනීම කොපමණ සතුටක්ද? (නි)
මෙහෙම අය එහෙනම් එහෙත් ඉන්නවා? (නි)
කුරුස යුද්ධය... (නි)
ඉතින් ඒ චිත්‍රපටියේ තිබෙන්නේ ඔය කියන ආගමේම දේවල්නේ (නි)
සොයිසා, ඔයාගේ මුලු වත්කම කොපමණද? (නි)
ඔක්කෝටම ඉස්සර තමන්ගේ දරුවන්ට කන්නදීල ඉන්න(ස)
නිදහස් වූ රටක් තුළ නිදහසේ යමක් කරන්න නොහැකි හැටි? (නි)
අපි පුලුවන් තරම් එවන් චිත්‍රපට නිපදවිය යුතුයි. (නි)
මට ඒ ෆිල්ම් එක බලන්න ආසයි..කවුරු හරි ඒකේ නම කියනවද ? (ස)
අයියෝ මොනවායින් මොනවා වෙයිද දන්නේ නැහැ..!
අනේ මන්දා ඉතින්
අයියෝ සල්ලි
අදහස් ප්‍රකාශ කරන්න අයිතිය නැද්ද එතකොට