ඉන්දීය විදේශ ඇමතිනියට ආරාධනා කර ඇති බැවින් තමන් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ විදේශ ඇමැතිවරුන්ගේ හමුවට සහභාගී නොවන බව පාකිස්තාන විදේශ අමාත්‍ය ෂහ් මහ්මූද් කුරේෂි මහතා අද (1) ප්‍රකාශ කළේය.
ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුව මේ සති අන්තයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබී අගනුවරදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ඉන්දීය විදේශ ඇමැතිනි සුෂ්මා ස්වරාජ්ට ආරාධනා කර ඇතැයි පැවසේ.
“මම විදේශ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයට යන්නේ නැහැ. පාකිස්තානය නියෝජනය කරමින් පහළ මට්ටමේ නිලධාරීන් පිරිසක් යනවා” යැයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාකිස්තාන විදේශ අමාත්‍යවරයා කීවේය.
රොයිටර් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd