ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
විරෝධතාකරුවන් සහ පොලිසිය අතර දෙවැනි දිනයටත් පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්නුවර ගැටුම් ඇති වී තිබේ. පාකිස්තාන මාධ්‍ය වාර්තාවලට අනුව ගැටුම් හේතුවෙන් හය දෙනකු මියගොස් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
පාකිස්තානයේ විවිධ ක්‍රියාකාරීන් සහ ආගමික කණ්ඩායම් සති තුනක් මුළුල්ලේ අගනුවරට පිවිසෙන ප්‍රධාන මාර්ගය අවහිර කරගෙන සිටි අතර ඔවුන් ඉවත් කිරීමට පොලිසිය යෙදවීමත් සමඟ මෙලෙස ගැටුම් ඇතිවිය. විරෝධතාකරුවන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් වාහනවලට ගිනි තබමින් සහ ආරක්ෂක අංශ වෙත ගල් විසි කළහ.
‘තරීක් ඊ ලබායික් රසූල් අල්ලා පාකිස්තාන්’ පක්ෂයේ විරෝධතාකරුවෝ නොවැම්බර් 6 වැනිදා ඉස්ලාමාබාද් අගනුවරට පිවිසෙන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවල නිරත වූහ. එම විරෝධතා නිසා දහස් ගණනක් ගමන් ගන්නා මාර්ගයේ දිගු වාහන තදබදයක් දක්නට ලැබුණි.
අධිකරණ අමාත්‍ය සහීද් හමීද් ඉවත් කරන්නැයි ඉල්ලමින් මෙම විරෝධතා එල්ල විය. සහීද් හමීද් දේවපහාසයක් කළ බව විරෝධතාකරුවෝ පෙන්වාදෙති. විරෝධතා ලාහෝර් සහ කරච්චිහි දකුණු වරාය පැතිවලටත් පැතර ගොස් ඇතැයි තවදුරටත් වාර්තා වේ.
ආගමික ගැටුම් ඇතිවීමේ අවදානම සලකා බලමින් පෞද්ගලික පුවත් නාලිකා, ඇතැම් ෆේස්බුක්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ආදී සමාජ ජාල කිහිපයක් අවහිර කිරීමට පාකිස්තාන රජය කටයුතු කර තිබිණි.
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.