
අඩුපාඩු සකසා ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් ලබාදෙන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් බලශක්ති සැපයුම්කරුවන්ගෙන් ඊයේ (7) දැඩි ඉල්ලීමක් කළේ ය.
ඇමෙරිකාව තුළත් විශේෂයෙන්ම යුරෝපය තුළත් ගෑස් මිල ගණන් වේගයෙන් ඉහළ යමින් තිබෙන අතර මේ වසර තුළ දී පමණක් යුරෝපීය වෙළෙඳපොළේ ගණනය කිරීම්වලට අනුව සියයට 600කින් ගෑස් මිල ඉහළ ගොස් තිබේ.
ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ සැපයුම පහත වැටීමත් කොවිඩ්-19 අර්බුදයෙන් පසු ආර්ථික යථා තත්ත්වයට පත්වීමත් සමඟ ඉල්ලුම ඉහළ යෑමත් යන කරුණු ය.
බලශක්ති ක්ෂේත්‍රය අදාළ ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් කිරීමට අසමත් වුවහොත් ඒ සම්බන්යෙන් ද විමසා බලන ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් පැවැසීය.
“විවිධ හේතු සහ කරුණු රැසක් ගැන ඇමෙරිකාව විමසිල්ලෙන් පසුවෙනවා. ඉල්ලුම යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. එහෙත් ඒ ඉල්ලුමට සරිලන්න සැපයුම සිද්ධ වෙන්නේ නැහැ” යැයි ජේක් සලිවාන් පැවැසීය.
යුරෝපා සංගමයේ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව හෙතෙම ඒ බව කීවේ ය.
මෙම සාකච්ඡාවලදී ගෑස් මිල ගණන් සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇත.
යුරෝපයේ ප්‍රධාන ස්වභාවික ගෑස් සැපයුම්කරුවා වන්නේ රුසියාව යි. රුසියාවේ බලශක්ති දැවැන්තයකු ලෙස සැලකෙන ගෑස්ප්‍රොම් සමාගම යුරෝපයට ස්වභාවික ගෑස් සපයයි.
මෙම සමාගම දැන් ඇති වී තිබෙන අර්බුදයේ කේන්ද්‍රය බවට පත්ව තිබෙන ගෑස් මිල ගණන් අඩු කිරීමට මෙම සමාගමට හැකි නමුත් ඔවුන් ඒ දේවල් නොකරන බවට ද චෝදනා එල්ල වී තිබේ.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
249
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් ලබා දෙන්න