හේග් නුවරදීය (ඒ.එෆ්.පී)
ඉරානයේ ඉල්ලීම අනුව එරටට පනවන ලද සම්බාධක ලිහිල් කරන්නැයි ඉල්ලීමට එක්සත් ජාතීන්ගේ නීතිඥයන්ට කිසිදු අධිකරණ බලයක් නැතැයි ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය දා ඉරානයට ආර්ථික සම්බාධක පැනවීමට පියවර ගත් අතර එම සම්බාධක පැනවීම අසාධාරණ යැයි සඳහන් කරමින් ඉරානය ජාත්‍යන්තර අධිකරණයට ගියේය.
එහිදි ඉරානයේ පැමිණිල්ල විභාගයට ගත් අතර එරටට පනවා තිබෙන සම්බාධක ලිහිල් කරන්නැයි ජාත්‍යන්තර අධිකරණය ඇමෙරිකා එක්සත් ජනපදයට නියෝග කළේය.
අධිකරණ ක්‍රියාදාමය තුළදී තම රටේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් එලෙස සම්බාධක පැනවූ බව ඇමෙරිකා එක්සත් ජනපද නීතිඥයෝ පෙන්වා දුන්හ.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරානයට සම්බාධක පැනවීම මගින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර 1955 වසරේදී අත්සන් කරන ‘මිත්‍රත්වයේ ප්‍රඥප්තිය’ කඩ වී ඇතැයි ද ඉරානය මෙහිදි පෙන්වා දුන්නේය.
ඉරානයේ චෝදනාවලට අනුව සම්බාධක ලිහිල් කරන්නැයි නියෝග කිරීමට ජාත්‍යන්තර අධිකරණයට කිසිදු බලයක් නැතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නීතිඥ ජෙනිෆර් නිව්ස්ටෙඞ් පැවැසුවාය.
තම ජාතික සහ අනෙක් ලැදියාවන් ආරක්ෂා කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයට අයිතියක් ඇතැයි ද ඇය අවධාරණය කළාය.
එම නිසා ප්‍රඥප්තිය අනුවවත් මේ නඩු විභාගයේදී මෙම අධිකරණයට කිසිදු නෛතික බලයක් නැතැයි ද ඇය කීවාය.
055
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉරාන සම්බාධක ලිහිල් කරන්න එක්සත් ජාතීන්ගේ නීතිඥයන්ට බලයක් නෑ - ඇමෙරිකාව