ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදයට රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමේ විසඳුමක් ලබාදීමේ අරමුණින් ලෝක නායකයෝ ලබන සතියේ රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනා වන ඇමෙරිකාව, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය, රුසියාව, චීනය මෙන්ම ජර්මන් නියෝජිතයන්, ඉරාන නියෝජිතයන් හමුවීමට නියමිත ඇත්තේ ලබන 26 වැනිදාය. 
රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් විසඳුමකට එළැඹුණහොත් ඉරානයට පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ඉවත් කිරීම සිදුවනු ඇතැයි ද ලෝක නායකයෝ පවසති. 
තම න්‍යෂ්ටික වැඩසටහන යටතේ, න්‍යෂ්ටික අවි නිපදවීමට ඉරානයට කිසිම අවශ්‍යතාවක් නැති බවත් එසේ කිරීමට අවශ්‍ය වූවා නම්, කිසිම රටකට ඊට හරස් විය නොහැකි බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කොමේනී අවධාරණය කර ඇත.