IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ඉරානය බටහිර රටවල් සමඟ ‘අලූත් ආර්ථික යුද්ධයක’ පැටලී සිටිනවා

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය දක්වමින් සිය රටට පනවා ඇති ආර්ථික සම්බාධක මධ්‍යයේ තමන් බටහිර බලවතුන් සමඟ අලූත් ආර්ථික යුද්ධයක පැටලී සිටින බව ඉරාන ජනපති මහමුද් අහමදිනේජාද් ඊයේ(23) පැවැසීය.
ඉරානය ආර්ථිකය බිඳ දැමීමේ අරමුණින් බටහිර රටවල් සම්බාධක රැසක් පනවා තිබුණද ඉන් තෙල් ආර්ථිකයට පමණක් බලපෑම් එල්ල වී ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාපති අහමදිනේජාද් මේ බව පැවසුවේ ඉරාන රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
‘‘තෙල් අපනයනයට බාධා එල්ල කර අපේ ආර්ථිකය බිඳ දමන්න ඔවුන් උත්සාහ කළ ද එය අසාර්ථක වී තිබෙනවා. අපි සතුරා සමඟ අලූත් ආර්ථික යුද්ධයකට මුලපුරලා තියෙනවා.’’ යැයි ද ජනාධිපතිවරයා කීය.
යුරෝපා සංගමය විසින් ඉරානයට පනවන ලද ආර්ථික සම්බාධක ඉකුත් ජූලි මාසයේදී කි‍්‍රයාවට නැංවිණි. තෙල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පැනවූ එම සම්බාධක නිසා ඉරානය ආසියානු රටවලට සිදු කළ තෙල් අපනයනය සියයට 10ත් 30ත් අතර ප‍්‍රමාණයකින් පහළ මට්ටමකට පැමිණියේය.
සම්බාධක පනවා තිබුණද රටේ ආර්ථිකය නිසිලෙස පවත්වාගෙන යාමට තමාට හැකියාව ලැබී ඇති බව පවසන අහමදිනේජාද් එය සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු ඉදිරිපත් නොකළ බව විදෙස් වාර්තා සඳහන් කරයි.



අදහස් (0)

ඉරානය බටහිර රටවල් සමඟ ‘අලූත් ආර්ථික යුද්ධයක’ පැටලී සිටිනවා

සෑම් Monday, 24 December 2012 04:59 PM

තව ටික දවසකින් මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණ කරනකොට ලෝකෙට ඇත්ත හෙළි වේවි. (නි)

:       0       0

මධු Monday, 24 December 2012 12:57 PM

ආර්ථික යුද්දේ නම් ඔය ඕනෑම රටක තියෙනවා (දී)

:       0       0

නවුශාඩ් Monday, 24 December 2012 12:58 PM

නිර්භීත නායකයෙක් . ජය වේවා (ස)

:       0       0

ප්‍රසන්න Monday, 24 December 2012 08:11 PM

සෑම් හරිම අසුභවාදීව හිතන කෙනෙක්. (නි)

:       0       0

මුතුකුඩ Monday, 24 December 2012 02:03 PM

අන්න සැබෑ නායකත්වයක්මේවාට කියන්නේ රසරහස් කියලා. (දී)

:       0       0

රුවන් Monday, 24 December 2012 02:26 PM

නියම නායකයෙක්, ඔබට මගේ සුභ පැතුම් (ස)

:       0       0

අමිදු Thursday, 27 December 2012 09:00 PM

නියමයි. ඔබට හා ඔබ රටට ඡය! (නි)

:       0       0

අමිදු Thursday, 27 December 2012 09:04 PM

නියමයි ඔබට හා ඔබ රටට ඡය(නු)

:       0       0

නසාර් Monday, 24 December 2012 03:42 PM

තෙලේ බලේ අපිට ඇතේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 111 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 955 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2555 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site