ඉරාන ජනාධිපතිවරණයෙන් ප‍්‍රකාශිත ඡුන්ද වලින් සියයට 51 ක ලබා ගත් හස්සාන් රූහානි මහතා තේරී පත්ව තිබේ. ඔහු මධ්‍යස්ථ මතධාරියෙකි.
හස්සාන් මහතා ලබා ගත් ඡුන්ද සංඛ්‍යාව එක්කෝටි අසූ පන්ලක්ෂයකි. මෙම ප‍්‍රකාශිත ඡුන්ද ප‍්‍රමාණයෙන් සියයට 51 කට මඳකා වැඩි ප‍්‍රමාණයකි. ඔහුගේ ප‍්‍රතිවාදියා වූ බාකර් කාලිපාප් මහතා ලබා ගෙන ඇත්තේ ඡුන්ද හැට ලක්ෂයක් පමණකි .
COMMENTS
කොහොමත් ඇමරිකන් විරෝදී ඡන්දනේ.(නදී)
දුප්පත් ඉරාන කම්කරුවෝ මැදපෙරදිග අනික් රටවල ගිනි අව්වේ මැරි, මැරී වැඩ කරනවා. ලොව තුන්වන තෙල් සම්පත හිමි රටේ ජනතාවයි ඒ. න්‍යෂ්ටික අවි වලට වඩා නරකද මිනිස්සුන්ගේ ජිවන තත්වේ උසස් කිරීම. විශේෂයෙන්ම ඔය තෙල් සම්පත් තියන එකේ.(නදී)
සිංගප්පුරුව,කොරියාව,නෙදර්ලන්තේ,ඔස්ට්‍රේලියාව,ඉයර්ලන්තේ,ඔස්ට්‍රියාව, බෙල්ජියම්,වගේ මෙකි නොකී දියුණු රටවල් ලොව පාලනය කරන්නේ නියෂ්ටික අවි වලින් නොව වෙළඳ බලයෙනි. ඔබලාට තෙල් තියන එකේ වෙළඳ බලය පහසුවෙන් ලබාගැන බලවත් විය හැක.(නදී)
ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපේ බොර තෙල් ප්‍රශ්නයත් විසදේවි.(නදී)
ඇමෙරිකාව සමග එකතු වී ඔබට ලොකු ගමනක් යා හැකියි (නි)
හිටපු ඉරාන ජනාධිපතිතුමාත් අපිට උදවු කළා. ඒවා අපි අමතක කළ යුතු නොවේ .ඔහු බටහිරට වඩා අනෙකුත් රටවල් සමගයි ගනු දෙනු කලේ. කෙසේ වෙතත් නව ඉරාන ජනපතිතුමන්ටද අපි සුභ පතමු !! (නි)
හිටපු ජනපති කොන්ද කෙලින් කරගෙන තමන්ගේ රට අනිත් රටවල් වලට නවන්නේ නැතිව සිටි හොද පාලකයෙක්. සැබෑ දේශප්‍රේමියෙක්. අපේ රටෙත් අපිට නොයෙක් අයුරෙන් උදව් උපකාර කල හොද මිතුරෙක්.නව ජනපතිතුමත් එහෙම කෙනෙක් වේවා කියල පතනවා.(ස)