ඉරානයේ තෙල් වෙළෙඳාම සම්බන්ධයෙන් ප‍්‍රමුඛත්වයක් දරන එරට මහ බැංකුවට සහ ආර්ථික ක්ෂේත‍්‍රයට අදාළ වන අයුරින් සම්බාධක පැනවීමට ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ (31) තීරණය කළ බව වාර්තා වේ. ඉරානය ඇමෙරිකා ඩොලර් බිලියන 662ක ආරක්ෂක වියදමින් පවත්වා ගෙන යන න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය දැක්වීමක් ලෙසත් එමගින් ඉරානයට එරෙහි ජාත්‍යන්තර පෙරමුණක් ගොඩ නැගීම තම අරමුණ බවත් ඇමෙරිකා රජය පවසයි. නව සම්බාධක පැනවීමත් සමග ලොව බොහෝ රටවලට ඉරානයේ තෙල් වෙළෙඳපොළ හෝ ඇමෙරිකාවේ දැවැන්ත ආර්ථිකය යන දෙකින් එකක් තෝරා ගැනීමට සිදු වන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. නව නීතිය යටතේ ඉරාන මහ බැංකුව සමග ගනුදෙනු සිදු කරන වෙනත් ජාත්‍යන්තර මහ බැංකුවලට ද යම් කිසි සීමාවන්ට යටත් වීමට සිදු වේ. එහිදී චීනය සහ රුසියාව සමග ඇමෙරිකාව අතර තිබෙන සබඳතාවටද අහිතකර බලපෑම් එල්ල විය හැකි බවට මත පළ වේ. ඉරානයට එරෙහිව නව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ඇමෙරිකා කොන්ග‍්‍රස් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරානයට සම්බාධක පැනවීමට ඇමෙරිකාව තීරණය කිරීම වැරැදියි. අන් රටවල් ඇමෙරිකාවට ඕන විදිහට නටන්න දෙන්න එපා
ඉරානයට දෙවියන් දෙනවා, ඇමෙරිකාවට ද දෙනවා නමුත් ලොව හිගන රට ඇමෙරිකාව බවට පත්වෙනවා