IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ඉරානයට පහර දෙන්න ඊශ‍්‍රායල අගමැති කැබිනට් සහාය පතයි

ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ‘හාරේට්ස්’ පුවත්පත ඊයේ (03) වාර්තා කළේය.ඉරානයේ හමුදා කඳවුරු සහ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඊශ‍්‍රායල අගමැති ඉකුත් සති කීපය පුරා ඊශ‍්‍රායල ආරක්ෂක ඇමැති එහුඞ් බැරැක් සමඟද සාකච්ඡා පවත්වා ඇති බවත් ඊශ‍්‍රායල අගමැතිවරයාට දැන් අවශ්‍ය වන්නේ කැබිනට් මණ්ඩලයේ සහාය බවත් ‘හාරේට්ස්’ පුවත්පත පවසයි.ඊශ‍්‍රායල් පුවත්පතක් වන ‘හාරේට්ස්’ එම තොරතුරු වාර්තා කර තිබුණේ ඊශ‍්‍රායල රජයේ ජෙ‍්‍යෂ්ඨ නිලධාරියකුගෙන් ලබා ගත් තොරතුරු පාදක කර ගනිමිනි.ඊශ‍්‍රායල හමුදාව, එරට ආරක්ෂක අමත්‍යාංශය සමඟ එක්වී ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමට හැකි ආකාරයේ දිගු දුර ‘බැලැස්ටික් මිසයිල’ අත්හදා බැලීමක් ද සිදු කර ඇතැයි වාර්තා වේ.ඊශ‍්‍රායල දේශපාලනඥයන් අනුමාන කරන්නේ අගමැති නෙදන්යාහුට කැබිනට් මණ්ඩලයේ බහුතරයකගේ සහාය හිමිවනු ඇති බවය. ඊශ‍්‍රායල අභ්‍යන්තර කටයුතු ඇමැති එලී යිෂායි, බුද්ධි අංශ කටයුතු පිළිබඳ ඇමැති ඩෑන් මෙරිඩෝර් සහ ආර්ථික ඇමැති යුවාල් ස්ටෙයිනිස් අගමැති නෙදන්යාහුගේ තීරණයට විරෝධය පළ කරනු ඇතැයිද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.කෙසේ හෝ ඊශ‍්‍රායලය, ඉරානයට හමුදා ප‍්‍රහාරයක් එල්ල කළහොත් ඊශ‍්‍රායලයේ සමීපතම මිතුරා වන ඇමෙරිකාව ඒ පසුපස සිටිනු ඇති බවත් අගමැති නෙදන්යාහු ගන්නා තීරණ බොහොමයක් ඇමෙරිකාවේ තීරණ වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පවසති.ඉරානයට පහර දීමට ඊශ‍්‍රායලය සූදානම් බව හෙළි වීමත් සමඟ ඇමෙරිකාව කියා සිටියේ තමන් එම ගැටුමට මැදිහත් නොවන බවය. ගැටුමක් ඇතිවීමට ඉඩ නොදී රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් දෙරට අතරේ ඇති අර්බුද නිරාකරණය කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බව ද ඇමෙරිකාව අවධාරනය කරයි.ඊශ‍්‍රායලයෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණ දීමේ යුද ශක්තියක් තමන් සතුව පවතින බවත් ඊශ‍්‍රායලය එසේ කළොත් ඔවුන්ට ඒ ගැන පසු තැවෙන්න සිදුවනු ඇති බවත් ඉරාන හමුදාපති ජනරාල් හසන් ෆිරෝසබාඞී අනතුරු අඟවා ඇත.



අදහස් (0)

ඉරානයට පහර දෙන්න ඊශ‍්‍රායල අගමැති කැබිනට් සහාය පතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 113 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 958 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2563 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site