ලෝක බලවතුන් ඉරානය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා පැවැත්වෙද්දී එරටට ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් වැළැකී සිටින්නට
තමන් ඇමෙරිකාවට පොරොන්දුවක් දී නැතැයි ඊශ‍්‍රායල ආරක්ෂක ඇමැති එහුඞ් බැරැක් පවසයි.
ඊශ‍්‍රායලය දිගින් දිගටම කියා සිටින්නේ ඉරානය ලොවට තර්ජනයක් බවත් ලෝකයට ත‍්‍රස්තවාදය පතුරුවන බවත්ය. ඉරානය පරමාණු බෝම්බ නිපදවන බවට ඊශ‍්‍රායලය ද නිරන්තරයෙන් චෝදනා කරයි.
ඊශ‍්‍රායල රජය තරයේ කියා සිටින්නේ ඉරානය මට්ටු කිරීමට නම් ප‍්‍රහාරයක් එල්ල කළ යුතු බවය. එහෙත් ඇමෙරිකාව ඊශ‍්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ සම්බාධක පනවා ඉරානය මට්ටු කිරීමට ඉඩ දෙන ලෙසටය.
ඉරාන න්‍යෂ්ටික අර්බුදය විසඳිය හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් යැයි ද ඇමෙරිකාව විශ්වාස කරයි. මේ හේතුව නිසා ඉකුත් සඳුදා (16 වැනිදා) ඇමෙරිකන්, චීන, රුසියා, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ සහ ජර්මන් නියෝජිතයන් සහ ඉරාන නියෝජිතයන් අතර ඉස්තාම්බුල් නුවරදී සාකච්ඡා වටයක් පැවැත්විණි.
ඉරානය ප‍්‍රකාශ කළේ සාකච්ඡා මාර්ගයෙන් හටගෙන ඇති අර්බුදය විසඳීමට හැකිවේවි යැයි තමන් විශ්වාස කරන බවය. සාකච්ඡාවල දෙවැනි වටය ලබන සතියේදී පැවැත්වීමට නියමිත යැයි ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 04
623
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
526
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉරානයට ප‍්‍රහාරයක් එල්ල නොකරන බවට ඇමෙරිකාවට පොරොන්දු වී නැහැ