IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉරාක ත්‍රස්තයෝ ප්‍රභාකරන් පාරේ යති

නව යොවුන් වියට පවා නොඑළඹුනු දරුවන් සටන්කරුවන් ලෙස පුහුණුකෙරෙනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කිරීමට ඉරාකයේ අයිඑස්අයිඑස් අන්තවාදීහු කටයුතු කර තිබේ.

ඔසවා ගැනීමට පවා නොහැකි තුවක්කුවකින් වෙඩි තැබීමට පුහුණුවන කුඩා දරුවෙකු,කොටස් එකතු කර සම්පූර්ණ ගිනි අවියක් සකසන දරුවන් පිරිසක්,ඔවුන් දිනපතා ව්‍යායාම් කරනු හා අන්තවාදී නායකයින් පවත්වන දේශන වලට සහභාගී වනු, ආදී දර්ශනයන් එම වීඩියෝවේ ඇතුළත්ය.

එම වීඩියෝවේ එක් දර්ශනයකදී කුමක් හෝ පවසන්නැයි එක් දරුවෙකුට උපදෙස් දෙන අතර ‘‘මිත්‍යාදෘෂ්ඨිකයිනි, උඹලා සියලූදෙනාට මරණය‘‘යැයි එම දරුවා පවසන්නේය.

මේ අතර සී.එන්.එන් පුවත්සේවය පසුගියදා අන්තවාදීන් අතර සිට පලාවිත් තිබූ දරුවෙකු හා සාකච්ඡාවක් පැවැත්වීය.

ඔහු අයිඑස්අයිඑස් ත්‍රස්තයෝ දරුවන්ට පුහුණුව ලබාදෙන අයුරු සම්බන්ධයෙන් බොහෝ කරුණු හෙළි කළේය.

අවි පුහුණුවට අමතරව ඇතැම් වේලාවල තමන්ව හිස ගසා දැමිම්,කුරුසි පත් කිරීම්,ගල් ගසා මරා දැමිම් ආදිය නැරඹිමට රැගෙන යන බව එම දරුවා කීය.

ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ අල්කයිඩා හා තලේබාන් වැනි අන්තවාදී සංවිධාන වලට වඩා අයිඑස්අයිඑස් සංවිධානය ඉතා ම්ලේච්ඡ හා අති භයානක වන බවයි.

මේ බව තහවුරු කෙරෙන සිදුවීම් රාශියක් පසුගිය කාලය පුරාවටම දැකගත හැකිවූ අතර එහි නවතම සිදුවීම වන්නේ අත්අඩංගුවට ගත් සිරියා හමුදා භටයින් 300 දෙනෙකු අන්තවාදීහු අතින් සමූහ ඝාතනයකට ලක්වීමයි.

බටහිර රටවලටද ලෝකයේ වෙනත් කොටසක සිදුවන්නක් යැයි කියා ඉවත බලා සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත්තේ එම රටවලද අසිඑස්අයිඑස් අන්තවාදීන්ට සහය පළ කරන කණ්ඩායම් ඇතිවෙමින් තිබෙන බැවින්ය.තත්ත්වය කෙතරම් බරපතලවී ඇත්ද යත් බටහිර රටවලට වී හොදින් ජීවත් ව ඉහළ අධ්‍යාපනයක් ලැබ ඉහළ ජීවන තලයකට හිමිකම් කියන තරුණ තරුණියෝ පවා අයිඑස්අයිඑස් සංවිධානයට බැදෙමින් සිටිති‍ෙ

අයිඑස්අයිඑස් අන්තවාදීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතුයැයි මතයේ බටහිර රටවල් සිටින මුත් මේ දක්වා කුමන අයුරින් අන්තවාදීන් මර්දනය කිරීමට ඔවුන් පියවර ගනු ඇත්දැයි ප්‍රකාශයක් සිදුකෙරී නොමැත.

1409409787926_wps_36_Islamic_State_have_releas 1409413474025_wps_40_The_Islamic_terror_group_ 1409413479121_wps_41_The_Islamic_terror_group_ 1409413727445_wps_49_The_Islamic_terror_group_ 1409413823322_wps_51_The_Islamic_terror_group_



අදහස් (0)

ඉරාක ත්‍රස්තයෝ ප්‍රභාකරන් පාරේ යති

හේමන්ත Monday, 01 September 2014 07:07 PM

මෙවැනි ම්ලේච්ඡ පිරිසකගෙන් රටත් ජනතාවත් බේරාගත් මහින්ද මහතාට සදා ජයෙන් ජය! චිරන් ජයතු ! (නි)

:       0       0

රජින්ද Monday, 01 September 2014 07:58 PM

මේවට දාන්න අදහස් තව ඉතිරිව නැත. ඉඳින් කියන්නට ඇත්තේ මේ දරුවන්ද තම තමන්ගේ දෛවය විසින් උරුමවූ දේ ගෙවන බවකි. ලෝ පහළ වූ බුදුවරු මේ අනාගතය දකින්නට ඇත.අපි මේ ගෙවන්නේ ඒ යුගයයි. මේවා ගැන කනස්සලු වී පලක් නැත. මේ වනාහි වැනසීමේ ආරම්භයයි. මේ වන්නේ සිදුවිය යුතු දෙයයි! (නි)

:       0       0

සුපුන් Monday, 01 September 2014 08:07 PM

මේක පිළිකාවක් වගේ එංගලන්තය පුරාවටම යනවා. (නි)

:       0       0

එරංග Monday, 01 September 2014 08:08 PM

මේ හැමදේකින්ම තැළෙන්නේ අහිංසක ජනතාවයි (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Tuesday, 02 September 2014 10:37 AM

ලංකාවේ එල්.ටී.ටී. එකට සමහරු කලින් කිවුවේ අහිංසක සංවිධානයක් කියලනේ. එයාලට රිදෙනකොට තමයි ඒවාට ත්‍රස්තවාදී කියන නම දෙන්නේ... (නි)

:       0       0

වරුණ Tuesday, 02 September 2014 02:31 AM

මේක සාමය අගය කරන මුළු ලෝකයටම තර්ජනයක් බලගතු රටවල් එකතු වෙලා මේකට පිලිතුරක් හොයන්න ඕනි. එහම නැත්නම් මුළු ලෝකයම එකම තිරිසන් ලෝකයක් වෙනවා අනිවාර්යයි.(අ)

:       0       0

ඔමාර් Tuesday, 02 September 2014 02:30 AM

අනිවාර්යෙන්ම මේ වගේ අපරාද කල්ලි විනාශ කරන්න ඕනි... විනාශ වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා...(අ)

:       0       0

ලලිත් වීරසිංහ Tuesday, 02 September 2014 03:08 AM

පව් අහිංසක ළමයි (නදී)

:       0       0

ඇසළ Tuesday, 02 September 2014 03:20 AM

පිල්ලේ විශ්‍රාම යන දවසෙත් කිවුවේ ලංකාවේ දොස් විතරයි. මේවට දොස් කියන්න බයයි. අනික ගාන හම්බවෙන්නෙත් නැහැනේ.(නදී)

:       0       0

තරිදු Tuesday, 02 September 2014 04:09 PM

මෙවැනි ම්ලේච්ඡ පිරිසකගෙන් රටත් ජනතාවත් බේරාගත් මහින්ද මහතාට සදා ජයෙන් ජය! චිරන් ජයතු! (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 02 September 2014 04:40 AM

ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ඇතැම් බටහිර රටවලට මේවා හොඳ පාඩම්.නියපොත්තෙන් කඩන්න තිබුණ දේ පොරවෙන්වත් කපාගන්න බැරුව දැන් දඟලනවා. (නි)

:       0       0

කැළුම් Tuesday, 02 September 2014 06:13 AM

හැම ත්‍රස්ත්‍රවාදී කණ්ඩායමකටම අවසානයක් තිබෙනවා. අවිගත් අය අවියෙන්ම නසිවී. (නි)

:       0       0

බටුගෙදර Tuesday, 02 September 2014 06:20 AM

මේවා පටන්ගත්තේ කවුද? මේ ගැන සිතන්න කාලය පැමිණ ඇත (නි)

:       0       0

තරිදු Tuesday, 02 September 2014 07:44 AM

ලැජ්ජයි (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Tuesday, 02 September 2014 08:32 AM

මෙම ත්‍රස්තයන්ව පළමුව මුදලින් හා ආයුධ වලින් සන්නද්ධ කළේ සිරියාව, ලිබියාව සහ ඇමරිකාව ඇතුළු බටහිර යුරෝපයයි. දැන් එය ඔවුන්ටම හිසරදයක් වෙලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 532 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site