ඉරාකයේ කර්බාලා නගරයේ පැවැත්වූ විරෝධතාවයකට ආරක්ෂක අංශ විසින් වෙඩිතැබීම හේතුවෙන් 14 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් 865ක් පමණ තුවාල ලබා ඇති බවද දකුණු දිග නස්සිරියාහි සිදුවූ වෙඩිතැබීම් වලින් තිදෙනකු මියගොස් ඇතැයි ද සඳහන් වේ. 

කර්බාලාහි පොලිස් ප්‍රධානියා මෙම තොරතුරු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර ඔහු පවසා ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් මියගිය බවත් ය. එය ද වෙඩිතැබීමකින් සිදුවූවක් නොවන බවද හෙතෙම පවසා ඇත.

කෙසේවුවද ඉරාක ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන්ට වෙඩිතබන ආකාරය සම්බන්ද දර්ශන සමාජ මාධ්‍ය ජාලාතුල වේගයෙන් සංසරණය විය.

ඉරාක අගමැති අඩෙල් අබ්දුල් මෙහෙන්දි ගේ රජයේ දූෂණ ක්‍රියා වලට විරුද්ධව පසුගිය සතියේ දෙවන වතාවටත් විරෝධතා ආරම්භ වූ අතර දහසු ගනන් පිරිස් වීථිබැස විරෝධතාවයේ යෙදුනහ.

ඔක්තෝබර් පළමුවැනිදා සිට මේ දක්වා ඇතිවූ විරෝධතා වලදී 250ක පමණ පිරිසක් මියගොස් ඇතැයි සඳහන් වේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)