ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 35 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ප්‍රහාරය එල්ල වී ඇති බවත් ප්‍රහාරයෙන් තවත් 65 දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් කියති. 

ජනාකීර්ණ චතුරශ්‍රයක් ආසන්නයේ මෙම කාර් බෝම්බය පිපිරී ඇති අතර ඊට සුළු මොහොතකට පසු ඒ ආසන්නයේ අල් කින්දි රෝහල අසල තවත් කාර් බෝම්බයක් පිපිරී ඇතැයි ද එයින් තිදෙනකු මියගොස් ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම මරාගෙන මැරෙන ප්‍රහාර අයිඑස් ත්‍රස්තයින්ගේ ක්‍රියාවක් බවට තොරතුරු වාර්තා වී ඇතැයි කියති.

web_93205947_mediaitem93205478