වසර දෙක හමාරකට පසුව ඉරාකයේ සිදු වූ දරුණුතම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැල්ල ඊයේ(23) එරට ප‍්‍රදේශ රැසකින් වාර්තා වූ අතර මේ සිද්ධීන්වලින් 113දෙනකු ජීවිතක්ෂයට වූ බව ඉරාක හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය.
බැග්ඩෑඞ්, ටාජි, කිර්කුක් සහ මොසුල් ඇතුළු නගර 19ක සිදු වූ වෙඩිතැබීම් සහ බෝම්බ පිපිරීම්වලින් 250 දෙනකු තුවාල ලබා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ප‍්‍රහාර සම්බන්ධයෙන් වගකීම කිසිදු පාර්ශවයක් විසින් මේවන තෙක් භාරගෙන නොමැත. කෙසේ වෙතත් පසුගිය දිනවල ඉරාක නගරවලට ප‍්‍රහාර එල්ල කරන බවට අල් කයිඩාව අනතුරු අඟවා තිබුණි.
ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබඳව අදහස් දැක්වූ ඉරාක රජය පැවසුවේ ප‍්‍රහාර එල්ල වීමට මොහොතකට පෙර එරට විනිසුරුවරුන්, නීතිවේදීන් සහ ෂියා මුස්ලිම්වරුන්ට ප‍්‍රහාර එල්ල කරන බව පවසන හඬ පටයක් කිසියම් පාර්ශවයක් විසින් අන්තර්ජාලයට එක් කරනු ලැබ තිබූ බවයි.
මෙම ප‍්‍රහාර අතුරින් දරුණුතම සිදුවීම් වාර්තා වන්නේ ටාජි නගරයෙනි. එහිදී මාර්ගයක් දෙපස අටවා තිබූ බෝම්බ දෙකක් පුපුරා ගිය බවත් අනතුරුව ඊට ආසන්න ප‍්‍රදේශයකදී කාර් බෝම්බයක් පිපිරී ගිය බවත් වාර්තා වේ. ටාජි නගරයේදී එල්ල වූ මෙම ප‍්‍රහාරවලින් 42 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 40 දෙනකු තුවාල ලැබූහ.
ඇමෙරිකාව ඉරාකය ආක‍්‍රමණය කළ අවස්ථාවේදී දහස් ගණනක් වූ ඉරාක සරණාගතයෝ සිරියාවට පළා ගියහ. නමුත් මේ වන විට සිරියාවේ හටගෙන ඇති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් නැවත සිය රට පැමිණෙන්නැයි එම සරණාගත පිරිස් වෙත ඉරාක රජය දන්වා තිබේ. එහි ප‍්‍රතිපලයක් ලෙස පසුගිය දින කිහිපයේදී දහස් ගණනක් වූ සරණාගත පිරිස් බස් රථ අසූවකින් නැවත ඉරාකයට පැමිණ ඇති බව එරට රජයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
ඉරාකයෙන් ඇමෙරිකානු හමුදා නික්මයාමත් සමඟ අන්තවාදී පිරිස් සහ අල් කයිඩා සංවිධානය විසින් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන එල්ල කරන ප‍්‍රහාර දිනෙන් දින සංඛ්‍යාත්මකව වැඩි වන බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට වෙන්නේ මොකක්ද? (නි)
දැන්නම් මේ කට්ටිය නැත්තටම නැතිවෙලා වගෙයි. (නි)
ශා මරු තව තවත් පිපිරෙන්න ඕන...(ස)
නියමයිනේ. මම නම් කියන්නේ තව තවත් බෝම්බ පිපිරෙන්න කියලා. (නි)
ප්‍රසන්න මහත්තයා., ඔයා හිතන දේවල් කවදාවත් වෙන්නේ නෑ....(ස)
ප්‍රසන්න හිතන දේ කවදාවත්ම වෙන්නේ නැතිවෙයි. (නි)
අපේ රටෙත් ඔහොම කාලයක් තිබ්බා (දී)
අපි මොනතරම් වාසනාවන්තද (දී)
හොද පුවතකි. (නි)
මට නම් හරිම සතුටක් දැනෙන්නේ. එයාලව සහමුලින්ම නැති වෙන්න ඕනේ. (නි)
ප්‍රසන්න කියන දේත් සත්‍යයක් තියෙනවා....(ස)
ප්‍රසන්න, ඔබ නිවැරදියි. (නි)
මිත්‍යාදෘෂ්ඨික මිනිසුන් සිටියදී මෙවැනි සිදුවීම් වීම අරුමයක් නොවේ. (නි)
@හිරු ඇත්තම කියන්නම්. ඒ කලේ බෝම්බයකට අහුවෙලා මලා නම් හොදයි. දැන් නොමරා මරනවා. මාරි මාරි ඉපදෙනවා. (දී)
ඔබලාට මතකද අපේ රටත් ඉස්සර ඔහොමයි (දී)
ප්‍රසන්න මල්ලී, කට පරිස්සම් කර ගත්තොත් හොදයි. (නි)