IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉරාකයේ ඇමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ මෙම හමුදා කඳවුරට පිහිටා ඇත.

“විදෙස් හමුඳා රැඳී සිටින ජාත්‍යන්තර කලාපයට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වුණා. ඉන් කිසිවකුටත් හානියක් වුණේ නැහැ” යැයි ඒකබද්ධ හමුදාවල ප්‍රකාශක මයිල්ස් කැගින්ස් පැවැසීය.

මෙම කඳවුර යුනියන් 3  යනුවෙන් හැඳින්වෙන අතර ඉරාකයේ රැඳී සිටින හමුදාවල මූලස්ථානය ලෙස සැලකේ. ඉස්ලාමික් ස්ටේට් ජිහාද් සංවිධානයට එරෙහිව සටන් වදින ඉරාකයේ දේශීය හමුදාවලට සහාය දැක්වීම සඳහා 2014 වසරේදී මෙම ඇමෙරිකානු යුද හමුදා කඳවුර ස්ථාපිත කර ඇත.

ජාත්‍යන්තර කලාපය ලෙස හැඳින්වෙන කලාපය හරිත කලාපය ‘ග්‍රීන් සෝන්’ යනුවෙන් ද හැඳින්වේ. එම කලාපයට කතුෂා රොකට් ප්‍රහාර තුනක් එල්ල කළ බව ඉරාක සන්නද්ධ හමුදා සඳහන් කළේය. යුනියන්  3  කඳවුර පිහිටා ඇත්තේ ඉරාකයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේය. ඉරාක රජයේ ගොඩනැගිලි, එක්සත් ජාතීන්ගේ කාර්යාලය සහ අනෙකුත් තානාපති කාර්යාල ද පිහිටා ඇත්තේ මෙම අධි ආරක්ෂිත කලාපයේය.

සිවුවැනි රොකට් ප්‍රහාරය එල්ල වී ඇත්තේ සැපයුම් කඳවුරකටය. එය ඉරාක රජයට සම්බන්ධ හෂීද් අල් ෂාබි සන්නද්ධ ජාලයට අයත් කඳවුරක් යැයි ඉරාක සන්නද්ධ හමුදා සඳහන් කළේය.

හෂීද් සංවිධානය ඒ සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකළේය.

ඇමෙරිකාවට අයත් කඳවුරකට සහ හෂීද් සංවිධානයේ කඳවුරකට එකම අවස්ථාවේදී ප්‍රහාර එල්ල වීම අසාමාන්‍ය සිදුවීමක් වන අතර ප්‍රහාරය එල්ල කරන්නට ඇත්තේ ඉරාක සන්නද්ධ ජාලයේ දැඩි අන්තවාදී කණ්ඩායමක් යැයි ඇමෙරිකාව චෝදනා කළේය.

අද එල්ල වූ රොකට් ප්‍රහාර මාලාවත් සමඟ පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඇමෙරිකානු තානාපති කාර්යාලය හෝ ඉරාකයේ රැඳී සිටින ඇමෙරිකානු හමුදා හෝ ඉලක්ක කරගනිමින් එල්ල වූ 19 වැනි ප්‍රහාරයයි.

ඇමෙරිකානු සෙබළු 5,200කට ආසන්න පිරිසක් ඉරාකයේ රැඳි සිටිති. ඉරාකයේ සිටින දැඩි අන්තවාදී සන්නද්ධ කණ්ඩායම් ඇමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කරන්නේ යැයි ඇමෙරිකාව චෝදනා කරයි.

මේ වනවිට කිසිවකුත් ඉරිදා එල්ල වූ ප්‍රහාර මාලාවේ වගකීම බාරගෙන නොමැත. පසුගිය දෙසැම්බර් මාසයේදී ඉරාකයේ පිහිටි ‘කේ1’ කඳවුරට එල්ල වූ ඇමෙරිකානු කොන්ත්‍රාත්කරුවෙක් මිය ගියේය. එම සිදුවීම් මුල් කරගනිමින් තවත් සිදුවීමක් මාලාවක් හට ගත්තේය.

ඉන් දින කිහිපයකට ඇමෙරිකා එක්සත් ජනපදය ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කරන මිසයිල ප්‍රහාරයකින් ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස හැඳින්වුණු ජෙනරාල් කසීම් සුලෙයිමානී මරුමුවට පත්විය. එම ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු අත සැලකුණු  හෂීද් සංවිධානයේ නියෝජ්‍ය නායකයා වූ අබු මහ්දි අල් මුහන්දිස් ද මිය ගියේය.

ඒ.එෆ්.පී.

055



අදහස් (2)

ඉරාකයේ ඇමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර

රවින් Monday, 17 February 2020 06:17 AM

මිට ඉස්සෙල්ලා ප්‍රහාර එල්ල කල වෙලාවෙදිත් කිවේ කිසි හානියක් නැහැ තුවාලකරුවන් නැහැ කියලා නේද? ඒ පිලිබඳ දැන් දැන් එන ආරංචි අනුවනම් සියකට වැඩි තුවාල කරුවන් පිරිසක් හා දැඩි දේපල හානියක් සිදුවෙලාලු. අනේ මන්දා !! ඇත්තනම් තිත්තයි කියලා කතාවකුත් තියෙනවා.

:       2       3

beau Monday, 17 February 2020 01:22 PM

බොහොම හොඳා. දැන් පේනවා නේද ත්‍රස්තයන් කරන දේවල්. ශවීන්ද්රට කරන්න තිබුන දෙය තමා ඔහු කලේ. බලමුකෝ ඇමෙරිකන් ගොබ්බයො දැන් මොකද කරන්නේ කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 685 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site