ඉරාකයේ නව අගමැතිවරයා ලෙස හිටපු සන්නිවේදන අමාත්‍යවරයෙකු වූ මොහොමඩ් තවුෆීක් අල්ලාවි මහතා  පත්කර තිබේ.
 
ඉරාකයේ ජනාධිපති බර්හාම් සාලිහ් විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.අගමැතිවරයාව සිටි අඩෙල් අබ්දුල් මෙහෙදි පසුගිය නොවැම්බර් මාසයේ ඉල්ලා අස්වීමෙන් පසුව ඉරාකයේ දැවැන්ත විරෝධතා පැවැත්විණි.
 
 සිව් මසක් පුරා පැවති විරෝධතා වලින් පසුව නව අගමැතිවරාගේ පත්කිරීම සිදු වු අතර එම විරෝධතා වලදී සියගනනක් පිරිස් ඝාතනය වූ බව වාර්තා විය.
 
 විරෝධතාකරුවන්ගේ ඝාතනයන්ට සහ දූෂණයට එරෙහිව සටන් කරන බවට නව අගමැතිවරයා පොරොන්දු වී තිබේ.
 
 ඉරාකයේ සන්නිවේදන අමාත්‍යවරයා ලෙස දෙවතාවක් සේවය කර ඇති අල්ලාවි මහතා ෂියා මුස්ලිම්වරයෙකි. ඔහු 2003 වසරේ ඉරාක දේශපාලනයට අවතීර්ණ වීමට පෙර ලෙබනනයේ සහ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා ඇති අතර එම රටවල සේවයෙහි ද යෙදී ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)