ෆෝක්ලිෆ්ට් යන්ත‍්‍රයක ආධාරයෙන් ඉහළට ඔසවන ලද අට්ටාලයක නැග, ලාහෝර් නුවර දේශපාලන රැලියක් අමතමින් සිටිද්දී, ඇද වැටී තුවාල ලැබූ ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් ඔහුට ඇඳෙන් බැස ඇවිද යෑමට වෛද්‍යවරුන්ගේ අවසරය හිමිවී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
රෝහල් ගතව සිටි බැවින් ඉම්රාන්ට ඉකුත් 11 වැනිදා පැවැති මහ මැතිවරණයේ දී ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ද නොහැකි විය. මැතිවරණයෙන් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂය ජයග‍්‍රහණය කළ අතර ඉම්රාන් ඛාන් සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයට හිමිවූයේ තෙවැනි ස්ථානයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුවය මෙන්ම, ජයත් පතමි. ලංකාවත් සමග සුහදව කටයුතු කරන්න. (නි)