පාකිස්තාන මහ මැතිවරණයේදී නවාස් ෂරීෆ්ට අභියෝගයක් වූ ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක මෙන්ම එහි උප සභාපතිවරිය ද වන සාරා ෂහීද් හුසේන් පෙරේදා (18) කරච්චි නුවරදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූවාය.
ෂහීද් හුසේන් වෙඩි ප‍්‍රහාරයට ලක් වුණේ ඇගේ නිවස ඉදිරිපිටදීය. සිද්ධිය දුටුවන් පැවැසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඇයට වෙඩි තබා පලා ගිය බවය.
මැතිවරණ රැුලියක් අමතමින් සිටිද්දී, අට්ටාලයකින් ඇද වැටී ලාහෝර් නුවර රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින ඉම්රාන් ඛාන් චෝදනා කර ඇත්තේ සාරා ෂහීද් හුසේන් ඝාතනය කළේ මුටාඩියා කුවාමී දේශපාලන පක්ෂය කියාය.
කරච්චි නුවර බලය ඇත්තේ මුටාඩියා කුවාමී දේශපාලන පක්ෂය සතුවය. පසුගිය මාස කිහිපයේ කරච්චි නුවර සිදුවුණු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැසක් පසුපස සිටින්නේ ද මුටාඩියා කුවාමී පක්ෂයේ මැරයන් යැයි පොලිසිය ද කියයි.
”සාරා ෂහීද් හුසේන්, අපට සිටි දක්ෂ, අත්දැකීම් බහුල තැනැත්තියක්. අපේ පක්ෂය පිහිටුවීමේදී පුරෝගාමියකු වූයේ ද ඇයයි. ඇගේ ඝාතනය පසුපස ඉන්නේ මුටාඩියා කුවාමී පක්ෂයේ මැරයන්. ඇගේ ඝාතනයට වගකියන්න ඕනෑ පක්ෂයේ නායක අල්තාෆ් හුසේන්” යැයි රෝහල් ඇඳේ සිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඉම්රාන් ඛාන් පැවැසීය.
මිනීමැරුම් චෝදනා ලැබ සිටින අල්තාෆ් හුසේන්, පාකිස්තානයෙන් පිටවී, බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂාව ලැබ එරට ජීවත් වෙයි. ඔහු පක්ෂයට නායකත්වය දෙන්නේ බි‍්‍රතාන්‍යයේ සිටය. අල්තාෆ් හුසේන්ට බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහය සහ ආරක්ෂාව ලැබෙන නිසා සාරා ෂහීද් හුසේන්ගේ ඝාතනයට බි‍්‍රතාන්‍ය රජය ද වගකිවයුතු යැයි හිටපු කි‍්‍රකට් තරුවක් ද වන ඉම්රාන් ඛාන් චෝදනා කර ඇත.
මුටාඩියා කුවාමී පක්ෂය පවසන්නේ තමාට අපහාස කළේ යැයි ඉම්රාන් ඛාන් ප‍්‍රමුඛ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට සූදානම් බවය.
|
සාරා ෂහීද් හුසේන් (මැද) ඉම්රාන් ඛාන් (වමේ) සහ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ... |
2025 දෙසැම්බර් මස 18
21
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ උප සභාපතිනිය මරා දමයි