IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉම්රාන්ට පුටින්ගෙන් උණුසුම් පිළිගැනීමක්

යුක්රේන රුසියානු අර්බුදය මුල්කොට ගනිමින්, තෙවැනි ලෝක යුද්ධයක් හට ගනීවි යැයි බියක් නිර්මාණය වී ඇති අවස්ථාවක, දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. අග්‍රාමාත්‍ය ඉම්රාන් මොස්කව් අගනුවර බලා පැමිණියේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඇරැයුමකට අනුවය.

ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි. පාකිස්තාන ජනාධිපතිවරයකු මෙසේ රුසියාවට පැමිණියේ වසර 23 කට පසුවය. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් මොස්කව් බලා පැමිණියේ පළමු වරට යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් සමඟ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක්, ව්‍යාපාරිකයෝ පිරිසක් ද මෙම රුසියන් සංචාරයට සහභාගී වෙති. පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මොහොමද් කුරේෂි සහ බලශක්ති අමාත්‍ය හමාද් අසාර් ද ඒ ඒ අතරේ සිටිති.

කලාපීය අර්බුද සම්බන්ධයෙනුත්, දකුණු ආසියාවේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙනුත් අග්‍රාමාත්‍ය ඉම්රාන් සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ සාකච්ඡා පැවැත්විණි. පාකිස්තානයත් රුසියාවත් අතර බලශක්ති සහයෝගීතාව සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා පැවැත්විණි.

(රොයිටර්)

 



අදහස් (0)

ඉම්රාන්ට පුටින්ගෙන් උණුසුම් පිළිගැනීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site