IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ඉන්දු - පාකිස්තාන ඇෆ්ගනිස්තාන ගැටුමේ ඇමරිකානු භූමිකාව

පාකිස්තානය පසුගිය සතියේදී එරට හරහා ඇෆ්ගනිස්ථානයට විහිදෙන නේටෝ සැපයුම් මාර්ගය මාස හතකට පසුව නැවත විවෘත කළේය. පාකිස්තානයේ අගමැති පර්චෙස් අෂ්රාෆ් සඳහන් කරන ආකාරයට රටේ සුබසිද්ධිය සඳහා ගත් මෙම තීරණය නිසා නැවත වරක් එක්සත් ජනපදය හා පාකිස්තානය අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට අවස්ථාවක් උදාවනු ඇත. 2014 දී ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින නේටෝ හමුදා ඉවත්කර ගැනීමේ කාල සටහනක් අනුව ක‍්‍රියාකරන එක්සත් ජනපදයට මෙම සැපයුම් මාර්ගය නැවත විවෘතවීම නිසා එම කටයුතු වඩාත් පහසුවන අතර 2014 න් පසුව ඇෆ්ගනිස්ථානයේ දේශපාලන සුරක්‍ෂිතභාවය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවලට පාකිස්ථානය සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේය අනිත් අතට මීට සති කීපයකට පෙර එක්සත් ජනපද ආරක්‍ෂක ලේකම් ලියොන් පනේටා පාකිස්තානය සම්බන්ධයෙන් තම ඉවසීමේ සීමාව ඉක්මවා යන අවස්ථාව ළඟා වෙමින් පවතින්නේ යැයි කළ තර්ජනයත් සමඟ දෙරට අතර පැවති ගැටුම මේ ආකාරයට විසඳීම නව ප‍්‍රවණතාවක් ලෙස හැදින්වීමට ද පුළුවන. ඒ සමඟම පාකිස්තානු සැපයුම් මාර්ගය අවහිරවීම නිසා මධ්‍යම ආසියානු රටවල් ඔස්සේ සැපයුම් කිරීමේදී මාසයකට වැය වූ ඩොලර් මිලියන 100 ක් පමණ මුදලක් ඉතිරිකර ගැනීමට ද එක්සත් ජනපදයට අවස්ථාවක් ලැබුණේය. පාකිස්තානු සැපයුම් මාර්ගය වසා දැමීමට ආසන්නතම හේතුව වූයේ පසුගිය වසරේ නොවැම්බර් 26 වැනිදා පාකිස්තානු දේශ සීමාවේ හමුදා කඳවුරකට ඇමරිකන් ගුවන් හමුදාවෙන් එල්ල කළ ප‍්‍රහාරයකින් භටයන් 24 ක් මිය යෑමය. මෙම සිද්ධිය පාකිස්ථානය තුළ ඒ වනවිටත් කැකෑරෙමින් තිබූ ඇමරිකන් විරෝධය උත්සන්න කර වීමට හේතුවිය. මීට පෙර ලාහෝර් නගරයේදී සී.අයි.ඒ. සංවිධානයේ පුද්ගලයෙකු විසින් පාකිස්තානු තරුණයන් දෙදෙනකු වෙඩි තබා මරා දැමීම හා පාකිස්තානයේ ආරක්‍ෂක හමුදාවලට නොදන්වා ඇබොටාබාද් හි නිවසකට ප‍්‍රහාරයක් එල්ලකොට අල්කයිඩා නායක බින්ලාඩන් මරා දැමීම බොහෝ පාකිස්තානුවන් දුටුවේ තම රටේ ස්වෛරීත්වය හෑල්ලූවට ලක් කිරීමක් සේය. වයඹ දිග දේශසීමා ප‍්‍රදේශයට ඩ්‍රෝන ගුවන්යානා මගින් එල්ල කරන ප‍්‍රහාරවලින් සාමාන්‍ය ජනතාව මිය යෑමකි. ඒ පිළිබඳව පාකිස්තානුරජයට කිසිදු පියවරක් ගැනීමට නොහැකි වීමත් සාමාන්‍ය ජනතාවගේ කෝපයට මෙන්ම සටන් කාමීන්ගේ වෛරය පාකිස්තානු රජය කෙරේ එල්ල වීමටත් හේතු වූ කරුණුය. එවැනි පසුබිමක් යටතේ පසුගිය නොවැම්බර් මාසයේ සලාලා ප‍්‍රදේශයේ හමුදා කදවුරුවලට එල්ල වූ ප‍්‍රහාරය ඇත්තෙන්ම පාකිස්තානුජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යෑමක් විය. වහා ක‍්‍රියාත්මක වූ රජය තම හමුදා භටයන් මරා දැමීම ගැන කොන්දේසි විරහිතව සමාව අයැදිනතෙක් සැපයුම් මාර්ගය වසා දැමීමට තීරණය කළේය. පාකිස්තානු පාර්ලිමේන්තුවෙන්ද ඒ පිළිබඳ යෝජනාවක් එකච්ඡුන්දයෙන් සම්මත කෙරිණි. එක්සත් ජනපදය සිද්ධිය පිළිබඳ වගකීම භාරගත් නමුත් සමාව අයැදීම ප‍්‍රතික්ෂේප කළේය. එම දේශසීමා ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වන සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරයකට ප‍්‍රති ප‍්‍රහාරයක් වශයෙන් සිදු වූ මෙම පහරදීමට එක හේතුවක් වන්නේ පාකිස්තානු හමුදා සටන්කාමීන් මර්දනය කිරීමට ඉදිරිපත් නොවීම බව ද හැඟවිණි. කෙසේ වුවත් ලොව එකම සුපිරි බලවතා වන එක්සත් ජනපදයට එවැනි සමාව අයැදීමක් රටේ අභ්‍යන්තර දේශපාලනය නිසාද කළ නොහැකිය. පාකිස්තානු දේශපාලන නායකත්වයට ද එවැනි සමාව අයැදීමකින් තොරව සැපයුම් මාර්ග විවෘත කිරීම දේශපාලන වශයෙන් සියදිවි නසා ගැනීමකි. සැපයුම් මාර්ගය විවෘත නොකරන්නේ නම් පාකිස්තානයට එක්සත් ජනපදයෙන් ලබාදෙන ආධාර හා ණය මුදල් නතර කිරීමට එරට කොංග‍්‍රස් මණ්ඩලය ගත් තීරණය නිසා තත්ත්වය වඩාත් සංකීර්ණ විය. මීට පිළිතුරක් වශයෙන් එක්සත් ජනපදය රුසියාව හා මධ්‍යම ආසියානු රටවල් හරහා සැපයුම් මාර්ගයක් විවෘත කර ගත් නමුත් එය අධික වියදම්කාරීය. අනෙක් අතට පෝලන්තයේ හා ස්ලෝවැකියාවේ මිසයිල මධ්‍යස්ථාන පිහිටුවීම නිසා රුසියාව හා එක්සත් ජනපදය අතර සම්බන්ධතා යහපත් නොවීමෙන් එම මාර්ග කෙරේ රැඳීම අවදානම් සහගතය. මෙවැනි සංකීර්ණ තත්ත්වයක් යටතේ නැවතත් පාකිස්තානු සැපයුම් මාර්ගය විවෘත කර ගැනීම ඇමරිකානු ප‍්‍රමුඛතාවක් වුවත් සමාව අයැදීමේ කොන්දේසියට යටත් වීමට එක්සත් ජනපද හමුදා නායකත්වය හෝ දේශපාලන නායකත්වය එකඟවූයේ නැත. එක්සත් ජනපද ආරක්‍ෂක ලේකම් ලියොන් පනේටා සිය ආසියානු සංචාරයේදී පාකිස්තානයට සෘජුවම නොවුවත් පැහැදිලි අභියෝගයක් ඉදිරිපත් කළේ විසදුමක් ලබා ගැනීමේ වෙනත් මාර්ග පවතින බව ඉඟි කිරීමටය. අවසානයේදී එක්සත් ජනපදය හා පාකිස්ථානය රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමෙන් ගැටලූව විසඳීමට ගත් පියවර වූයේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පාකිස්තානු විදේශ ඇමතිනි හිනා රබානි කාර් වෙත දුරකතනයෙන් නොවැම්බර් 26 සිද්ධිය ගැන සමාව අයැදීමය. එය කලින් ඉල්ලා සිටි ආකාරයට ලිඛිත ප‍්‍රකාශනයක් වූයේ නැත. එහෙත් පාකිස්තානු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ක්ලින්ටන් මහත්මිය දෙපාර්ශ්වයෙන්ම සිදු වූ වැරදි ගැන කනගාටුව ප‍්‍රකාශ කළා විනා සමාව අයැදීමක් කර නැත. එම නිසා පාකිස්තානු රජය සිය ස්ථාවරය වෙනස් කර ඇතැයි විපක්‍ෂ කණ්ඩායම්වලින් විශේෂයෙන්ම ආගමික අන්තවාදී කණ්ඩායම් චෝදනා කරයි. මෙම ස්ථාවරය මහා පාවාදීමක් ලෙස හදුන්වන ඔවුහු පසුගියදා ලාහෝර් නගරයේ සිට ඉස්ලාමාබාද් දක්වා දැවැන්ත පෙළපාලියක් පවත්වා සිය ශක්තිය ප‍්‍රදර්ශනය කළහ. මෙම පෙළපාලියට ඉස්ලාමාබාද් නගරයට ඇතුළුවීමට ඉඩ නොදෙන බව රජය ප‍්‍රකාශ කළත් පසුව එවැනි තහනමක් ක‍්‍රියාත්මක කළේ නැත. ඔවුන් මෙම පෙළපාලිය හැදින්වූයේ දීර්ඝ පා ගමනක් ලෙසිනි. සැපයුම් මාර්ග නැවත විවෘත කිරීමත් සමඟ පාකිස්තානයට සැලසෙන වාසි වන්නේ රේගු බදු වශයෙන් ආදායමක් ලැබීම සහ අන්තර්ජාතික මුල්‍ය අරමුදලෙන් අත්හිටුවා තිබූ ණය මුදල් නැවත ලබා ගැනීමට හැකි වීමය. එමෙන්ම පාකිස්තානු හමුදාවට ලබාදෙන ඩොලර් කෝටි 110 ක ආධාර මුදල ද නැවතත් ලැබෙනු ඇත. එහෙත් සැපයුම් මාර්ගය නැවත විවෘත කිරීමේදී කන්ටේනරයක් වෙනුවෙන් අය කරන රේගු ගාස්තුව ඩොලර් 250 සිට 5000 දක්වා වැඩි කළ යුතුය යන්න ඉල්ලීම එක්සත් ජනපදය පිළිගත්තේ නැත. එම නිසා රේගු ගාස්තුව ඩොලර් 250 ලෙස නොවෙනස්ව පවතී. මීට අමතරව දෙරට අතර පැවති මතභේද ද ඒ ආකාරයට නොවෙනස්ව පවතී. මින් ප‍්‍රධාන වන්නේ පාකිස්ථානයේ දේශසීමා ප‍්‍රදේශ පදනම්ව ක‍්‍රියාත්මක වන සටන්කාමීන් විශේෂයෙන්ම හකානි ජාලයට අයත් කණ්ඩායම් මර්දනය කිරීමට පාකිස්තානය ක‍්‍රියා කළ යුතුයැයි එක්සත් ජනපදය හමුදාව දිගින් දිගටම කියා සිටීමය. එක්සත් ජනපද ආරක්‍ෂක ප‍්‍රධානීන් හඳුන්වන ආකාරයට ඇෆ්ගනිස්තානය තුළ ක‍්‍රියාත්මක වන භයානකම සටන් කණ්ඩායම වන හකානි ජාලය සම්පූර්ණයෙන්ම මෙහෙයවන්නේ පාකිස්තානු රහස් ඔත්තු සේවය වන අයි.එස්.අයි. ආයතනයෙනි. ඇෆ්ගනිස්ථානයේ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමට නම් මෙම කණ්ඩායම විනාශ කළ යුතුය. ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ පාකිස්තානයටය. පාකිස්තානු රජයේ මූලික චෝදනාව වන්නේ එක්සත් ජනපදය ත‍්‍රස්තවාදයට එරෙහිව ගෙන යන යුද්ධයේදී තම කැපකිරීම් නිසි ඇගයීමට ලක් නොකරන්නේය යන්නයි. පාකිස්තානය තුළ ආගමික අන්තවාදී කණ්ඩායම් ප‍්‍රබලව ක‍්‍රියාත්මක වූයේ 2001 ට පසුවය. මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මෙන්ම හමුදාවට එල්ල කරන ප‍්‍රහාර දිනෙන් දිනම උත්සන්න වු අතර රටේ නීතිය හා සාමය පවත්වා ගැනීම අභියෝගයකි. අනෙක් අතට පශ්චාත් 2014 සමයේ ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් පාකිස්තානයට හිමි භූමිකාවද පැහැදිලි නැත. ඇෆ්ගනිස්ථානය නැවත ගොඩ නැගීමේ කාර්යයේදී ඉන්දියාව වඩාත් වැඩි වගකීමක් භාරගත යුතුයැයිද ඉන්දියානු ආයෝජන වැඩි කළ යුතුයැයිද පවසන එක්සත් ජනපදය පාකිස්තානයට හිමි භූමිකාව පැහැදිලි නොකරයි. සෝවියට් යුගයේ සිට ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් මූලික වැඩ කොටසක් ඉටු කළ පාකිස්තානය පශ්චාත් 2014 සමයේදී නිහඬව සිටිනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැක. ඇෆ්ගනිස්තානයේ දේශපාලනයට ඔවුන්ට මැදිහත් විය හැකි පහසු මාර්ගයක් වන්නේ දැනට නේටෝ හමුදාවන්ට හා කර්සායි පාලනයට එරෙහිව යුද වැදී සිටින සටන්කාමී කණ්ඩායම්ය. එම සටන් කණ්ඩායම් බොහොමයක් පාකිස්තානයේ සහයෝගය මෙන්ම මැදිහත්වීම අපේක්‍ෂා කරති. මෙවැනි පසුබිමක පාකිස්තානය හරහා වැටී ඇති සැපයුම් මාර්ග විවෘත කිරීම ඇමරිකානු පාකිස්තානුහෝ ඇෆ්ගන් පාකිස්තානුහෝ සම්බන්ධතාවල නව ප‍්‍රවණතාවක් විය නොහැකිය. අන්තවාදී කණ්ඩායම්වල පහරදීම්වලට ලක්විය හැකි මෙම සැපයුම් මාර්ග විවෘතවීම නිසා එක්සත් ජනපදයට දැරීමට සිදු වූ අතිරේක වියදමක් නතර කර ගැනීමටත් ගමන් කාලය කෙටිකර ගැනීමටත් හැකිවීම වැදගත්ය. එහෙත් මූලික ප‍්‍රශ්නය වන වයඹ දිග දේශසීමාව පදනම්ව ක‍්‍රියාත්මක වන සටන් කණ්ඩායම් පිළිබඳව පාකිස්තානය පියවරක් ගන්නා බවට සහතිකයක් නැත. අනෙක් අතට ජනාධිපති සර්දාරිට බරපතළ දේශපාලන අභියෝගයක් වූ දේශසීමා ප‍්‍රදේශයට එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාර නතර කිරීමට ද එක්සත් ජනපදය සූදානම් නැත. ඒ අනුව නැවතත් සිදුව ඇත්තේ 2011 නොවැම්බර් 26 ප‍්‍රහාරයට පෙර පැවති තත්ත්වය පමණි. ඊට අමතරව දැකිය හැකි ප‍්‍රබල සාධකයක් වන්නේ පාකිස්තානු හමුදා තුළට ද කාන්දු වී ඇති ඇමරිකන් විරෝධයයි. මෙම අර්බුදය උත්සන්නව පැවති දිනවල එක්සත් ජනපද හමුදා ප‍්‍රධානීන් හමුවීම පවා පාකිස්තානු හමුදා නායකත්වය ප‍්‍රතික්ෂේප කළේය. එක්සත් ජනපදයෙන් ලබා දෙන හමුදා ආධාර පළුදු වූ සම්බන්ධතා නැවත ඇති කර ගැනීමට හේතු වන්නේද යන්නත් පැහැදිලි නැත. කෙසේ වුවත් පාකිස්තානය තුළ අන්තවාදී කණ්ඩායම් වඩාත් ප‍්‍රබල තත්ත්වයකට පත්වීමට අවශ්‍ය පසුබිම ඉන් සකස්වන බව පැහැදිලිය.

සටහන - මහින්ද හත්තක
ඉන්දියාවේ හා පාකිස්තානයේ විදේශ ලේකම්වරු පාකිස්තාන නව අගමැති පර්වෙස් අෂ්රාෆ් ඇමරිකානු විරෝධතා පෙළපාලියකදී ඔබාමාගේ පින්තූරයකට ගිනි තැබූ අයුරු සැපයුම් මාර්ග විවෘත කරනවාට විරෝධය පළ කරමින් පාකිස්තාන ජනාධිපති සර්දාරි හා හිලරි ක්ලින්ටන්



අදහස් (0)

ඉන්දු - පාකිස්තාන ඇෆ්ගනිස්තාන ගැටුමේ ඇමරිකානු භූමිකාව

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නෙදන්යාහු අවසන් වරට බයිඩන් හමුවෙයි
2024 ජුලි මස 26 106 0

වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි.


කමලා හැරිස්ගෙන් නෙදන්යාහුට තර්ජනයක්
2024 ජුලි මස 26 229 0

ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී ඇමෙරිකන් උප ජනාධිපතිනිය, ඊශ්‍රායල


ට්‍රම්ප් කමලාට වඩා ඉදිරියෙන්
2024 ජුලි මස 26 170 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන අතර ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වන හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ වත්මන් උ


යතුරු පැදිකරුවෙක් මේරි කුමරිය හප්පලා
2024 ජුලි මස 26 3268 0

රාජකීය නිල සංචාරයක් සඳහා ග්‍රීන්ලන්තයට ගිය ඩෙන්මාර්කයේ මේරි කුමරිය විදුලි යතුරු පැදියක හැපීමෙන් අකරතැබ්බකට මුහුණ දුන්නාය. යතුරු පැදියේ හැපුණු 52 හැව


ඉන්දියාවත් ලිබියාවත් අතර සබඳතා ඇරැඹේ
2024 ජුලි මස 25 87 0

වසර පහක විරාමයකින් පසු ඉන්දියාවත් ලිපියාවත් අතර යලිත් වරක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී තිබේ. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ ඉන්දියාව, යළිත්


අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරැළෙයි
2024 ජුලි මස 25 92 0

බටහිර අප්‍රිකාවේ වෙරළේ මොරිෂානියාවට ඔබ්බෙන් මුහුදේ දී අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට පත් විය. එයින් 15 දෙනෙකු මියගිය බවත්, 150 කට වැඩි පිරිස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site