චීන හමුදා සෙබළුන් පිරිසක් පසුගියදා ඉන්දීය දේශසීමා උල්ලංඝනය කර කඳවුරු බැඳ ගෙන සිටීමේ සිද්ධියෙන් පසු හටගත් ඉන්දු චීන අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට කටයුතු කරන බව ඉන්දීය අගමැති මන්මෝහන් සිං පවසයි.
චීන සෙබළුන් මෙසේ කඳවුරු බැඳ ගෙන සිටියේ ඉන්දු කාශ්මීරයේ ලඩාක් පළාතේය. ඒ පසුගිය අපේ‍්‍රල් 15 වැනිදාය. චීනය කියා සිටියේ තම සෙබළුන් කඳවුරු බැඳගෙන සිටියේ තමන්ට අයත් භූමියක කියාය. 
චීනය සහ ඉන්දියාව අතර දේශසීමාව වෙන් වී ඇත්තේ හිමාල අඩවියෙන් වන අතර එය නිශ්චිත වැටකින් හෝ වෙනත් ක‍්‍රමයකින් වෙන් කර නොමැත. ඉන්දියාවත් චීනයත් අතර දේශසීමා අර්බුද ඇරැුඹුණේ 1962 වසරේ සිටය.