ඉන්දියාවේ කර්ණාටක ප‍්‍රාන්තයේ ආන්දෝලනාත්මක ආකර කර්මාන්ත සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන්නැයි ප‍්‍රාන්ත ඔම්බුඞ්ස්මන්වරයකු කළ ඉල්ලීම නැවැත්වීමේ අරමුණ ඇතිව ඉන්දීය විදේශ ඇමැති එස්.එම්. කි‍්‍රෂ්ණා පෙරේදා (24) එරට අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. කර්ණාටක ප‍්‍රාන්තයේ අක්කර 6,000 ක වනාන්තර ප‍්‍රදේශයක කි‍්‍රයාක්මක කිරීමට සැලැසුම් කළ, ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වටිනා එම ආකර කර්මාන්තය සම්බන්ධයෙන් පරිසරයට අතිමහත් විනාශයක් සිදුවන බව පරිසරවේදීහු පෙන්වා දෙති. එම ආකර කර්මාන්තය නීතිවිරෝධී බව පරිසරවේදීන් පමණක් නොව ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවා රජයට චෝදනා කරයි. මේ හේතුව නිසා එස්.එම්. කි‍්‍රෂ්ණා වහා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි එරට ප‍්‍රධාන විපක්ෂ කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂය බල කර සිටියි. නීති විරෝධී ආකර කර්මාන්ත සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ඇමැති එස්.එම්. කි‍්‍රෂ්ණාගේ කි‍්‍රයා කලාපය පිළිබඳ වහා පරීක්ෂණ පැවැත්වන්නැයි භාරතීය ජනතා පක්ෂය අධිකරණයෙන් කරන ලද ඉල්ලීම අධිකරණය ප‍්‍රතික්ෂේප කිරීම මීට හේතුව වී ඇත. එස්.එම්. කි‍්‍රෂ්ණාට එරෙහිව වහා පියවරක් ගන්නැයි භාරතීය ජනතා පක්ෂය, පාලක කොංග‍්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධිගෙන් ද ඉල්ලීමක් කර ඇත.