ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ පුල්ගාඔන් හි පිහිටි ඉන්දීය හමුදාවට අයත් මධ්‍යම වෙඩි බෙහෙත් ගබඩාවක ඇතිවූ අනතුරකින් පසු ගිනි ගැනීමකින් 17 දෙනකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කියයි.
19 දෙනකු අනතුරින් තුවාල ලබා ඇත. අද (31) අලුයම 1.30ත් 2 ත් අතර කාලයේ මෙය සිදුවී ඇතැයි කියති. ආරක්ෂක අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් අනතුරින් මිය ගොස් ඇතැයිද තුවාල ලැබූ කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවද වාර්තාවේ.
පුල්ගාඔන් හි එම ගබඩාව ඉන්දීය හමුදාව සතු විශාලතම වෙඩි බෙහෙත් ගබඩාව බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd