මුම්බායිහිදීය (රොයිටර්)

ගෝලීය තෙල් මිල ගණන් පහළ යෑමත් සමඟ සති 12කට පසු ඉන්දීය රුපියල මෙතෙක් වාර්තා කළ ඉහළම අගය අද (22) වාර්තා කළේය.

දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ඉන්දීය රුපියලේ අගය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 71 සීමාවේ සිට 70.9175 දක්වා ඉහළ ගියේය. සැප්තැම්බර් 3 වැනි දිනට පසු ඉන්දීය රුපියල මෙතරම් ඉහළ අගයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය විය. 

ඉන්දියාව තෙම තෙල් අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් ආනයනය කරන අතර බොරතෙල් මිල ගණන් පහත වැටීම නිසා ආනයනකරුවන්ගේ ඩොලර් ඉල්ලුම අඩුවීම රුපියලේ අගය එසේ ශක්තිමත් වීමට හේතුවිය.  

055