රුසියානු සංචාරය අවසන් කිරීමෙන් පසු, ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං පෙරේදා (22) චීනයේ බීජීං අගනුවරට පැමිණි අතර, ඊයේ (23) ඔහු චීන අගමැති ලී කෙකියැං සමඟ සාකච්ඡා පැවැත්වීය.
සාකච්ඡාවලට දෙරට අතර පවතින දේශසීමා අර්බුදයයි. ඉන්දියාවත් චීනයත් අතර හිමාල කඳුකර ප‍්‍රදේශය ආශි‍්‍රතව දේශසීමා අර්බුදයක් නිර්මාණය වූයේ 1960 දශකයේ සිටය.
1962 වසරේ දී දෙරට අතර, දේශසීමා ආශි‍්‍රතව අවි ගැටුමක් ද හටගත්තේය. ඉන්පසු අවස්ථා ගණනාවකදී, චීනයත් ඉන්දියාවත් අතර දේශසීමා අර්බුද ගැන සාකච්ඡා පැවැත් වුණු නමුත් එය විසඳා ගැනීමට නොහැකි විය. චීන - ටිබෙට් අර්බුදයේ දී, ඉන්දියාව චීනයෙන් පලා ආ ටිබෙට් ජාතිකයන්ට සහාය දීම ද චීනයේ විරෝධයට හේතුවක් වී ඇත.
දේශසීමා අර්බුදයට අමතරව ඉන්දියාවත්, චීනයත් අතර රාජ්‍යතාන්ති‍්‍රක මිතුදම් ශක්තිමත් කර ගැනීම කෙරෙහි ද අගමැති සිංගේ අවධානය යොමුවිය.
ඉන්දියාව ඇමෙරිකාවේ හිතවතකු වීම කලක පටන් චීනයේ විරෝධයට හේතුවක් වී ඇත. ඇමෙරිකාව ආසියානු කලාපයේ බලය තහවුරු කර ගැනීමට උත්සහ දැරීම ද චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.
ඇමෙරිකාව ඉන්දියාවට සමීප වීම නිසා, චීනය පාකිස්තානයට සමීප වී සිටී. චීනයත් පාකිස්තානයත් අතර වඩා හොඳ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා පවතී.
මීට අමතරව කලාපීය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද ඉන්දීය අගමැති සිං සහ චීන අගමැති කෙකියැං අතරේ සාකච්ඡා පැවැත්විණි. මුහුදු සීමා ආශි‍්‍රතව පැවැත්වීමට සැලැසුම් කර ඇති නාවික අභ්‍යාස ගැන ද දෙරටේ අගමැතිවරුන් අතරේ සාකච්ඡාවට බඳුන් වූයේ යැයි චීන පුවත් සේවා වාර්තා කර ඇත.
|
අගමැති සිං චීන අගමැති හමුවී සාකච්ඡා කරමින් ... |
COMMENTS
මට හිතෙන්නේ සිංගේ පිටිපස්සේ ඉන්නේ ඇමරිකාව. කවුද මේ සැරේ ගොනාට අන්දන්නේ.?(නදී)
මෙයාට අපේ රටේ තියෙන දෙයට තමයි එන්න බැරි. (නදී)
දෙපැත්ත කන, ඉන්දියා නිවටයන්ට වුවත්අතට අත දෙන චීනය සදා දිනේවා! (අ)
එයා මොනවද ලොකු රටවල් වල මේ දවස්වල ගිහින් කරන්නේ? (නි)
ඉන්දියාව තමන්ට වැඩිය ඉහලින් ඉන්න අයට ඕන වෙලාවක දෙකට නැවෙනවා. එයාලට වැඩිය පහලින් [ යුදමය හා ආර්ථික අතින් ] ඉන්න අයට පාට් දානවා.(නදී)
ඉන්දියාව ඉන්නේ ලොකු කනස්සලකින් ලංකාව චීනය සමග පවත්වන ලබැඳි මිත්‍රකමට. (නි)
බලන් ගියාම ඔක්කොම කරන්නේ එක එක රටවල් වලින් ඒ රටවල් වලට කැල්ලක් අල්ලගන්න එකයි.සමගියෙන් ඉන්නනම් ඕන දෙකට හෝයියා කියල ඉන්න වෙනවා. තණ්හාව දුකට මුලයි කියල කවුරුත් දන්නැද්ද? (ස)