නවදිල්ලියේදීය (රොයිටර්)
ඉන්ධන ආනයනය සීමා කිරීම සඳහා ජෛව වායු භාවිත කිරීම වැඩි කිරීමට කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (10) පැවැසීය.
වසර 2022 වනවිට ඉන්ධන ආනයනය වියදම් ඉන්දීය රුපියල් බිලියන 120කින් (එක්සත් ජනපද ඩොලර් බිලියන 1.7කින්) අඩු කිරීම වෙනුවෙන් සහ කාබන් විමෝචනය අවම කිරීම සඳහා එලෙස ඉන්ධන ආනයනය අඩු කිරීමට පියවර ගන්නා බව ඉන්දීය අගමැතිවරයා පැවැසීය.
ඉන්දියාව ලොව තෙවැනි විශාලම ඉන්ධන ආනයනකරු හා පාරිභෝගිකයා ද වේ.
ඉන්දීය රුපියල් බිලියන 100ක වියදමින් ඉදිරියේදී ජෛව වායු පිරිපහදු 12ක් ඉදි කරන බවත් ඉන්දීය අගමැතිවරයා කීය.
“ලෝක ජෛව වායු දිනය” වෙනුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති උත්සවයකට එක්වෙමින් ඉන්දීය අගමැතිවරයා එම කරුණු සඳහන් කළේය.

- 055
2025 දෙසැම්බර් මස 18
613
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය අගමැති ඉන්ධන වෙනුවට ජීව වායු සොයයි