
කොරෝනා වයිරසයේ නව ප්‍රබේදය රට තුළ පැතිරීම වැළැක්වීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට ඉන්දීය රජය ද තීරණය කර තිබේ.
දෙසැම්බර් 23 වනදා සිට පැනවෙන මෙම තහනම දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වන බව ඉන්දීය බලධාරීහු පවසති.
"ඉන්දීය රජය විසින් කරන ලද ගැඹුරු සමාලෝචනයකින් පසුව බ්‍රිතාන්‍යයෙන් පැමිණෙන ගුවන් ගමන් සඳහා දින 10ක අත්හිටුවීමක් අප විසින් පනවා තිබේ. රටේ පවතින තත්ත්වය අනුව අත්හිටුවීමේ කාලය අප නැවත තක්සේරු කරන්නෙමු." යනුවෙන් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
බ්‍රිතාන්‍යයේ පැතිරෙන මෙම නව ප්‍රබේදය ඉන්දියාවෙන් මෙතෙක් සොයාගෙන නොමැති නමුත් පූර්වාරක්ෂාවක් වශයෙන් මෙම පියවර අනුගමනය කරන බව මේ සම්බන්දව අදහස් දක්වමින් ඉන්දියානු සෞඛ්‍ය ලේකම් රාජේෂ් භූෂාන් මහතා පවසයි.
ඉන්දියාවේ මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ්කාබදධ අධික්ෂණ කණ්ඩායමේ හදිසි රැස්වීමකින් පැය කිහිපයකට පසු මෙම තීරණය ගෙන තිබේ.
දෙසැම්බර් 23 වනදාට පෙර ගුවන් ගතකළ යානා වලින් පැමිණෙන මගීන් අනිවාර්ය පීසීආර් පරීක්ෂණයකට භාජනය විය යුතු බවද පරීක්ෂණයේ ප්‍රතිපල ලැබෙන තුරු ගුවන්තොටුපලින් පිටතට යෑමට ඉඩ නොදෙන බවද නිවේදනයේ දැක්වේ.
මීට අමතරව මහාරාෂ්ට්‍ර සහ කේරළ වැනි සමහර ප්‍රාන්ත වල දැඩි සීමා ප්‍රකාශයට පත්කර තිබේ.
මේ වනවිට ලෝකයේ රටවල් 40ක් පමණ බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
723
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
560
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් එන ගුවන් ගමන් අත්හිටුවයි