IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


“ඉන්දියාවේ පොලිස් අත්අඩංගුවේදී 600ක් මැරිලා“

2010-2015 දක්වා කාලය තුළ ඉන්දියා පොලිස් අත්අඩංගුවේදී 600 දෙනකු පමණ මිය ගොස් ඇති බවට 'හියුමන් රයිටස් වොච්' සංවිධානය පවසයි.

එම මරණ වලට කිසිම පොලිස් නිලධාරියකු වරදකරු කර නොමැති බවද එම සංවිධානය කියයි.

පොලිස් අත්අඩංගුවේදී සිදුවන මරණ වලට බරපතල රෝග,සිය දිවි හානි කරගැනීම්,අනතුරු හා පලා යාමට තැත් කිරීමේදී සිදුවන ගැටුම් ‍හේතු ලෙස ඉදිරිපත් කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

අත්අඩංගුවේදී සිදුවන වධහිංසා එම මරණ වලට හේතුවන බව මානව හිමිකම් කණ්ඩායම් පෙන්වා දුන්නද පොලිසිය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

එම සංවිධානය “රෙගුලාසි උල්ලංගනය කරමින් අත්අඩංගුවේ සිදු කරන වධහිංසා හා වැරදිකරුවන්ට දඬවම් නොලැබීම“ නමින් වාර්තාවක් ද නිකුත් කළේය.

එම වාර්තාව අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයන් හා ඔවුන්ගේ පවුලේ අය සමග සාකාච්ඡා කර සැකසු වාර්තාවක් බව එම සංවිධානය කියයි.

ඉන් අවස්ථා 17කදී පොලිසිය අත්අඩංගුවට ගැනීමේ නීති හා රෙගුලාසි අනුගමනය කර නොමැති බවද එහි සඳහන් වේ.

නිලධාරීන්ට නිසි දඬුවම් ලබා දුන්නහොත් මිස ඉන්දීය පොලිස් නිලධාරීන් එය වැරැද්දක් බව තේරුම් නොගනු ඇතැයි හියුමන් රයිටස් වොච් සංවිධානයේ දකුණු ආසියා අධ්‍යක්ෂක මීනාක්ෂි ගංගුලි පවසයි.

නීතිය අනුව අත්අඩංගුවට ගන්නා සෑම පුද්ගලයකුම පැය 24ක් ඇතුළත වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.

2015 වසරේ සිදුව ඇති මරණ 97කින් 67කදීම සැකකරු පැය 24ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වී ඇති බව හෝ පැය 24කට පෙර සැකකරු මිය ගොස් ඇති බව වාර්තා අනුව පෙනී යන බව එම වාර්තාවේ සඳහන් වේ.



අදහස් (0)

“ඉන්දියාවේ පොලිස් අත්අඩංගුවේදී 600ක් මැරිලා“

ඇසළ Monday, 19 December 2016 12:39 PM

අපිටත් වදයක් වෙච්ච ලෝක ජන ගහනයෙන් අංක 2 ට ඉන්න ඉන්දියාව 600 ක් කියන්නේ හරියට මහා මුහුදෙන් වතුර බින්දුවක් ගත්ත වගේ. කිසිම අගට දැනෙන ගහක් නෙමෙයි එන්ජීඕ කාරයෝ කියක් හරි හොයා ගන්න කරන වැඩ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site