ඉන්දියාවේ උතුරු දිග පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිට්සාර්හි දුම්රියක ගැටී පුද්ගලයින් 50 දෙනකු පමණ මියගොස් 200ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙම පිරිස දුම්රිය ගමන් මග ආසන්නයේ පැවති හින්දු උත්සවයක් නරඹමින් සිට ඇති බව පොලිසිය පවසයි. අනතුරට ලක්වූ බොහෝ දෙනකු දුම්රිය ගමන් මගේ සිටි අය බවද පැවසේ. 

ඔවුන් රතිඤ්ඤා දල්වමින් සිටි බැවින් දුම්රියේ ශබ්දය නොඇසෙන්නට ඇති බව විශ්වාස කෙරේ. පොලිසිය පවසන්නේ මියගිය සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවයි. 

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය ජලන්දාර් සිට අම්රිට්සාර් වෙත ගමන් කරමින් තිබී ඇත.

(බීබීසී ඇසුරිණි - 085)