IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ඉන්දියාවේ තෙලගනා පළාත වෙනම ප‍්‍රාන්තයක් කළැයි ජනතා විරෝධය

ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රාන්තයේ තෙලගනා පළාත වෙනම ප‍්‍රාන්තයක් ලෙස නම් කිරීමට පාලක කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ රජය ගත් තීරණයට විරෝධය දක්වමින්, ඉකුත් සති අන්තයේදී ද අන්ද්‍රා ප‍්‍රාන්තයේ හයිද්‍රාබාද් අගනුවර විරෝධතා රැලි කිහිපයක් පැවැත්විණි.
තෙලගනා පළාත වෙනම ප‍්‍රාන්තයක් ලෙස නම් කරන්නැයි රජයට බල කළ පිරිස් සහ එම විරෝධතාකරුවන් අතර ගැටුම් ද හටගත්තේය. කලහකාරීන් විසුරුවා හැරීමට, පොලිසියට කඳුළු ගෑස් සහ බැටන් ප‍්‍රහාර එල්ල කිරීමට ද සිදුවිය. තෙලගනා පළාතේ වැසියෝ එම පළාත වෙනම ප‍්‍රාන්තයක් ලෙස නම් කරන්නැයි ඉල්ලා සිටියේ මීට මාස ගණනාවකට පෙර සිටය.
මේ අතර, තෙලගනා පළාත වෙනම ප‍්‍රාන්තයක් ලෙස නම් කරන්නැයි කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ රජය තීරණය කළේ, ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ඡන්ද වාසි ලබා ගැනීමේ අරමුණින් යැයි ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය චෝදනා කර ඇත. ආන්ද්‍රා ප‍්‍රාන්තයේ තෙලගනා පළාත වෙනම ප‍්‍රාන්තයක් ලෙස නම් කිරීමත් සමඟ එය ඉන්දියාවේ 29 වැනි ප‍්‍රාන්තය වන අතර එහි අගනුවර වනු ඇත්තේ ද හයිද්‍රාබාද් නුවරය. කොංග‍්‍රස් පක්ෂය මේ වනවිට දැඩි ලෙස ජනතා අප‍්‍රසාදයට ලක් වී ඇත. ඒ දිනෙන් දින ඉහළ යන රජයේ දූෂණ වංචා හේතුවෙනි. ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණය කොංග‍්‍රස් පක්ෂයට අවාසි වනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කර ඇත.



අදහස් (0)

ඉන්දියාවේ තෙලගනා පළාත වෙනම ප‍්‍රාන්තයක් කළැයි ජනතා විරෝධය

නිමල් Tuesday, 06 August 2013 09:44 AM

ජනතා විරෝදය මැද අපි තෙලගානා ප්‍රාන්තය බිහිකළා. එම ක්‍රමයටම ජනතා විරුද්ධත්වය නොතකා ලංකාවෙත් දෙමල ඊලම බිහි කළ යුතු යැයි කියා ඉන්දියානු රජය අපිට බල කරාවිද ? (නි)

:       0       0

ලොක්කෙ Monday, 05 August 2013 11:17 AM

අර ජයලලිතයි කරුණානිධියි මේකට මුකුත් කියන්නෙ නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

දුම්මලසූරිය Tuesday, 06 August 2013 12:40 AM

ඉන්දියාව ඇතුලෙම තවත් ප්‍රාන්ත හදන්න උත්සහ කරන ඉන්දීය රජයට ඒ රටෙහිම මේ මිනිස්සු විරුද්ධ වෙද්දී අපේ රට කෑලි කරන්න අපි ඉඩ දෙනවද? මේකෙන්වත් ඉන්දීය ආණ්ඩුවට ඒ බව වැටහේවිද? (නි)

:       0       0

අසේල Monday, 05 August 2013 05:18 PM

ඉන්දියාව කෑලි කඩලා ඉතාලියට විකුණනකන් ඉන්දියාවේ ඉන්න අය මේවා තේරුම් ගන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 173 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 240 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site