ඉන්දියාවේ වාරණාසි නගරයේ ඉදිකරමින් පවතින ගුවන් පාලමක් කඩාවැටීමෙන් 18 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
කඩා වැටුණූ පාලම තුළ සිරවී සිටින පිරිස් බේරා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බව බලධාරීහු පවසති. 
 
ජනාකීර්ණ මාර්ගයක් මතට පාලම කඩාවැටී ඇති අතර වාහන බොහොමයකට අලාභ හානි වී ඇති බව පැවසේ.
 
මාධ්‍ය වාර්තා පවසන්නේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. කඩා වැටුණු පාලමේ කොටස් එසවීම සඳහා දොඹකර හතක් යොදාගෙන ඇති අතර මෝටර් රථ හතරක්, රික්ෂෝවක් සහ කුඩා බස්රථයක් එයට යටවී ඇතැයි විශ්වාස කෙරේ.
 
(බීබීසී ඇසුරිණි - 085)