ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා තිබෙන ගංවතුර තත්ත්වයත් සමඟ ඊට ප්‍රතිචාර දැක්වීම පහසු කිරීම සඳහා චීනය, ඉන්දියාව සමඟ චන්ද්‍රිකා ඡායාරූප හුවමාරු කරගෙන ඇත.
ස්වභාවික ආපදා, මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන ව්‍යවසන යනාදීය සම්බන්ධයෙන් අභ්‍යාවකාශ කේන්ද්‍රිත තොරතුරු, විශේෂයෙන්ම චන්ද්‍රිකා ඡායාරූප හුවමාරු කරගැනීම සඳහා බහුපාර්ශවීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. චීනය, ඉන්දියාව සමඟ චන්ද්‍රිකා ඡායාරූප හුවමාරු කරගෙන ඇත්තේ ඒ අනුවය. එම යාන්ත්‍රණයට අනුව ගංවතුර බලපා ඇති ඉන්දියාවේ ප්‍රාන්ත හා ප්‍රදේශවල චන්ද්‍රිකා ඡායාරූප චීනය, ඉන්දියාවට ලබා දී ඇත.
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය, ඉන්දියාවේ උතුරු නැගෙනහිර කොටසේ ප්‍රදේශ රැසක් සහ බිහාරය ජලයෙන් යට වී තිබේ.
ඉන්දියාවේ නව චීන තානාපති සුන් වෙයිඩොන්ග් ද චන්ද්‍රිකා ඡායාරූප හුවමාරු කරගත් බව තහවුරු කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.
“ ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයේ ඉල්ලීමකට අනුව අපි චන්ද්‍රිකා ඡායාරූප ලබාදුන්නා. මෙය සිදුවන්නේ ජාත්‍යන්තර ආපදා සහන වැඩසටහනට අනුවයි. ඉන්දියාව ගංවතුරින් පීඩාවට පත්වූ ජනතාවට සහන සලසමින් ඉන්නවා. එම කටයුතු පහසු කරන්න ගංවතුර තත්ත්වය බලපා තිබෙන ප්‍රදේශවල චන්ද්‍රිකා ඡායාරූප ලබාදීමට අපි පියවර ගත්තා” යැයි ඔහු සඳහන් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.
ස්වභාවික ව්‍යවසනයක් සිදුවන ඕනෑම අවස්ථාවකදී ‘එන්.ආර්.එස්’ මධ්‍යස්ථානය රටවල් 32 අභ්‍යාවකාශ ආයතන 32ක් මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රවීශ් කුමාර් පැවැසීය. අභ්‍යාවකාශ සහ ප්‍රධාන ව්‍යවසන හා ආපදා ප්‍රඥප්තියට අනුව ස්වභාවික ආපදා, මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන ව්‍යවසන යනාදීය සම්බන්ධයෙන් අභ්‍යාවකාශ කේන්ද්‍රිත තොරතුරු, විශේෂයෙන්ම චන්ද්‍රිකා ඡායාරූප හුවමාරු කරගැනීමේ මෙම බහුපාර්ශවීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ද හෙතෙම කීය.

ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 21
327
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
356
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1291
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඉන්දියාවේ ගංවතුරේ චන්ද්‍රිකා ඡායාරූප හුවමාරුවක්