ඉන්දියාවේ මුම්බායි නුවර බන්ද්‍රා හි ගොඩනැගිල්ලක් කඩා වැටී සිව් දෙනකු මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
පැරණි ගොඩනැගිලි පහක් සම්බන්ධ කර තිබූ තාප්පයක් සමග මෙය කඩා වැටී ඇති අතර අනතුරින් දිවි බේරාගත් ළමයින් දෙදෙනකු රෝහල් ගත කරනු ලැබ ඇතැයි කියති.
ජනාකීර්ණ පෙදෙසක සිදුවූ මෙම අනතුරින් පසු ගොඩනැගිලි සුන්බුන් විසිර පැවතීම හේතුවෙන් අනතුරට පත්වූවන් බේරාගැනීමේ කටයුතු පමා වී ඇතැයි වාර්තාවේ. කඩාවැටුණු ගොඩනැගිල්ල සමීපයට ගිනි නිවන රථ පහක් හා ගිලන් රථ දෙකක් ද කැඳවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd