
ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,053,806ක් බව එරට සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය පැය 24 තුළ පමණක් නව රෝගීන් 74,383ක් වාර්තා වී තිබේ.
ඉන්දියාවේ කොරෝනා ආශ්‍රිත මරණ 108,371ක් සිදුවී ඇති අතර පසුගිය පැය 24 තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 918කි.
ලෝකයේ දෙවැනියට වැඩිම ආසාදිතයන් සංඛයාවක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.
රෝගීන් මිලියනයක් වාර්තා කිරීමට ඉන්දියාවට ගතවී ඇත්තේ දින 13ක් බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. දකුණු කේරළ ප්‍රාන්තයෙන් පසුගිය දිනය තුළ රෝගීන් 11,755ක් වාර්තා වී ඇත.
ඉන්දියාවේ උත්සව සමය ද එළඹෙමින් පවතින අතර මිනිසුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති.
ඉන්දියවේ සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් පවසා ඇත්තේ ඇදහිම් සඳහා හෝ ආගම ඔප්පු කිරීම සඳහා විශාල වශයෙන් රැස්වීම නොකළ යුතු බවයි. එසේ කළහොත් විශාල කරදරයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
රොයිටර් පුවත් ඇසුරිණි
085
2025 දෙසැම්බර් මස 04
637
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
528
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
432
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 70 ඉක්මවයි