IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ඉන්දියාවට දුන් තීරුබදු සහනය නැවතීමට ට්‍රම්ප් සැරසේ


ඉන්දියාවට ලබාදුන් තීරුබදු සහනය නැවැත්වීමට තමන් තීරණය කර ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවැසීය. 
 
 ඇමෙරිකා එක්සත් ජනපදය ලබාදුන් වෙළෙඳ සහනය යටතේ ඉන්දියාවට ඇමෙරිකාව වෙත ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් වටිනා භාණ්ඩ තීරුබදු රහිතව අපනයනය කිරීමට අවස්ථාව හිමිවිය. 
 
ඇමෙරිකාවේ සහ අනෙකුත් අතර රටවල් අතර වෙළෙඳාම්වල වෙළෙඳ හිඟ අඩු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිරන්තරයෙන් පවසයි. වෙළෙඳ හිඟයන් වැඩි යැයි ද හෙතෙම කියයි. ඉන්දියාවේ තීරුබදු ඉහළ යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම පැවැසීය.
 
“ඇමෙරිකාවත් ඉන්දීය රජයත් අතර පැවැති සාකච්ඡා අසාර්ථක බව පෙනී යන නිසා මම මේ පියවර ගන්නවා. ඉන්දියාව එරට වෙළෙඳපොළට පිවිසීම සඳහා සාධාරණ සපයන බව ඇමෙරිකාවට තහවුරු කරලා නැහැ” යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කොංග්‍රස් නායකයන්ට ලිපියක් යවමින් සඳහන් කර ඇත.  
 
එක්සත් ජනපදයේ වෙළෙඳ නියෝජිත කාර්යාලයේ දත්තවලට අනුව 2017 වසරේදී ඇමෙරිකාව සහ ඉන්දියාව අතර භාණ්ඩ හා සේවා වෙළෙඳ ශේෂයේ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 27.3ක් විය. 
 
රොයිටර් ඇසුරිනි  
 
 
055

 



අදහස් (4)

ඉන්දියාවට දුන් තීරුබදු සහනය නැවතීමට ට්‍රම්ප් සැරසේ

de silva berlin Tuesday, 05 March 2019 08:16 AM

ඇමරිකාව ඉන්දියාවෙන් එන භාණ්ඩ වලට බදු සහන දෙනවානම් ඉන්දියාවත් එම සහනයම ඇමරිකන් භණ්ඩ වලට දෙන්න ඕනේ එහෙම කරන්නේ නැත්නම් ඇමරිකාව බදු වැඩි කරන එක සාධාරණය ,

:       54       271

රවින් Wednesday, 06 March 2019 01:50 AM

උඹ නාඩන් උඹ නාඩන් .... උඹට මේවා හොඳ පාඩම්. කිසිවෙක් අනුන්ට වාසි වෙන විදියට වෙළෙඳ ගිවිසුම් ගහන්නේ නැත.

:       0       5

CHANDIMA Wednesday, 06 March 2019 03:11 AM

ඇමෙරිකාව කොයි තරම් ව්‍යාපාරික ඥානයෙන් අගතැන් පත් උනත් අන්තිමේ ඉන්දියන් කාරයෝ ඇමෙරිකාවේ කනෙන් රිංගුවා. එහෙව් කපටි කයිරාටික රැලකට තමයි අපේ උපාය මාර්ග කාරයෝ දුර දක්නා ණුවනින් බලල ලංකාවේ ආර්ථිකය විවෘත කරන්න යන්නේ?

:       21       85

himalWednesday, 06 March 2019 10:10 AM

ඉන්දියානු භාණ්ඩවල පිරිවැය අඩු නිසා වෙළෙඳ පරිමාව ඉහළ යනවා. මොන ගිවිසුම ගැහුවත් ඒකේ වාසි අවාසි දෙකම තිබෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 567 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site