IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ඉන්දියාවට තවත් සුළි කුණාටුවක් එන ලකුණු

ඉන්දියාවේ මුම්බායි නගරය දෙසට දරුණු සුළි කුණාටුවක් ළඟා වෙමින් පවතින බව කාළගුණ අනාවැකි පවසයි.

අරාබි මුහුද හරහා නිරිත දෙසින් ළඟා වන මෙම සුළි කුණාටුව නිසර්ගා ලෙස නම්කර තිබේ.
 
 වසර 120කින් පමණ පසු මුම්බායි නගරය වෙත හමා එන බරපතල සුළි කුණාටුවක් ලෙස මෙය හඳුන්වා ඇති අතර දැනටමත් දස දහස් ගනනක් පිරිස් උස් භූමි වෙත ගෙනගොස් ඇතැයි වාර්තා වේ.
 
ඉන්දියානු කාළගුණ අංශ පවසන්නේ සුළි කුණාටුව මේ වනවිට මුම්බායි සිට කිලෝමීටර් 215ක් පමණ දුරින් හමා එමින් පවතින බවයි. එය දරුණු සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වී ඇති බවද ඔවුහු පවසති.
 
පැයට කිලෝමීටර් 13ක පමණ වේගයෙන් සුළං හමා එන බවත් දැනටමත් මුම්බායි නගරයට තද වැසි ඇදවැටෙමින් පවතින බවත් සඳහන් වේ.
 
හදිසි තත්ත්වයකට සූදානම් වී සිටින ලෙස ප්‍රාන්ත රජය ජනතාවගෙන් ඉල්ලා ඇත.
ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට අම්ෆන් සුළි කුණාටුව කඩා වැදීමෙන් සති දෙකක් ගතවීමටත් පෙර මෙම කුණාටුව පැමිණේ.
 
අම්ෆන් සුළි කුණාටුවෙන් ඉන්දියාවේ සහ අසල්වැසි බංගලාදේශයේ 85කට වැඩි පිරිසක් මියගියහ.

මිලියන 20ක පමණ ජනගහනයක් වෙසෙන මුම්බායි, ඉන්දියාවේ ජනාකීර්ණම නගරයයි. එය ඉන්දියාවේ මූල්‍ය අගනුවර ද වේ.

කොරෝනා රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් මේ වනවිටත් මුම්බායි නගරය දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. 

එහි ආසාදිතයන් 40,000 ක් පමණ තහවුරු වී ඇති අතර 1, 400ක් පමණ මියගොස් තිබේ. 
 
ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන  207,191ක් වන අතර මරණ 5, 829ක් සිදුවී ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක් එන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 353 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site