ඉන්දුනීසියාවේ මගී ප‍්‍රවාහන නෞකාවක ඇතිවූ ගින්නකින් 23 දෙනෙකු මියගොස් 17 දෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගින්න ඇතිව තිබෙන්නේ ජකර්තා නුවර මුවාරා අන්ග්කේ වරායේ සිට ටිඩුන්ග් නම් දුූපතක් කරා යාත‍්‍රා කරමින් තිබූ නෞකාවකය.
ගින්න ඇතිවන අවස්ථාවේ එහි පුද්ගලයින් 230 දෙනෙකු සිට ඇති බව සදහන්ය.
දිවි ගලවාත්තවුන් පවසා තිබෙන ආකාරයට නෞකාවේ පසුපස කොටසේ ඇතිව තිබෙන ගින්න ක්ෂණිකව පැතිරීමට පටන්ගෙන ඇත.ජීවිතාරක්ෂක කබා තෝරාගැනීමට නෞකාවේ සිටියවුන් අතර පොරයක් ඇතිවූ බවද, ඒ අතර ඇතැම් අය මුහුදට පැන දිවිගලවාගත් බවද, ඔවුන් කියා ඇත.
පුද්ගලයින් 194 දෙනෙකුගේ දිවි ගලවාගැනීමට ඉන්දුනීසියා සහන සේවකයින් සමත්ව ඇත.
නෞකාව නියමිත ගණනට වඩා මගීන් පටවාගෙන සිට ඇති බවටද හෙළිව ඇතැයි විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.
2025 දෙසැම්බර් මස 16
113
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
917
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්දුනීසියා නැවක ගින්නක්