ඉන්දුනීසියාවේ සුලාවෙසි දූපත ආශ්‍රිතව රිච්ටර් පරිමාණ ඒකක 5.4 ක භූමිකම්පාවක් ඇති වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
අද දින ගිනිකොණ පුලූ නගරයට කිලෝමීටර් 129 ක් දුරින්, කිලෝමීටර 10 ක ගැඹුරකින් මෙම භූකම්පනය හටගෙන ඇත.
භූකම්පාවෙන් කිසිදු හානි වාර්තා වී නොමැත. පසුගිය වසරේදී සුලාවෙස් දූපතේ භූකම්පනයෙන් සම සුනාමියෙන් 2000කට අධික පිරිසක් මිය ගියහ.
(63226 රොයිටර් ඇසුරෙනි )
COMMENTS