ඉන්දුනීසියාවේ නැගෙනහිර පැපුවා පළාතේ සිදුවූ වෙඩි තැබීමකින් ඉදිකිරීම් සේවකයන් 24දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
පරීක්ෂණ කටයුතු සඳහා එහි ගිය හමුදා සාමාජිකයෙකු ද වෙඩි තබා මරා දමා ඇතැයි බලධාරීහු පවසති.
ප්‍රදේශයේ මාර්ග හා පාලම් ඉදිකිරීමේ කටයුතු වල නිරතවී සිටි සේවක පිරිසක් වෙත මෙසේ ප්‍රහාර එල්ල වී ඇත.
බෙදුම්වාදී සටන් කණ්ඩායම් විසින් මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇතැයි පොලිසිය චෝදනා කරයි.
කෙසේ වුවද ආරක්ෂක හේතූන් මත යැයි පවසමින් මෙම කළාපය විදෙස් මාධ්‍යව්දීන්ට තහනම් කර ඇති බව පැවසේ.
(රොයිටර් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd