ඉන්දුනීසියාවේ සංචාරය කරන ඕස්ට්‍රේලියා ජාතිකයන්ට ප්‍රවේශම්වන ලෙස ඕස්ට්‍රේලියා රජය දැනුම් දී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
කැන්බරා ආණ්ඩුකාර කාර්යලය පවසන්නේ සංචාරකයන්ට ජනවාරියේ ජාකර්තා නුවරට එල්ලවූ ප්‍රහාරයත් සමග තවත් ත්‍රස්ත ප්‍රහාරයන්ට වැඩි ඉඩක් ඇති බවයි.
ත්‍රස්තවාදීන් මේ වන විට ඉන්දුනීසියාවේ ප්‍රහාර සඳහා ධනාත්මක මානසිකත්වයකින් සිටින බවත් 2009 වසරෙන් පසු පසුගිය ජනවාරියේදී එරටට එල්ලවූ දරුණුම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීම ඊට හේතුව බවත් ඕස්ට්‍රේලියාව අනතුරු අඟවයි.
ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සංචාරකයින් දැනුම්වත් කර ඇත්තේ බාලි දූපත් ඇතුළු දකුණු හා නැගෙනහිර ආසියා රටවල දරුණු ප්‍රහාර එල්ලවීමේ අවදානමක් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාර බාලි දුපතේ 'සංස්කෘතිය' මොන වගේ එකක්ද කියල අවුරුදු 22 විතර ජිවත් වෙන ඔයා දන්නවා ඇති දවස් 3-4 සංචාරය කරපු අපිට වඩා....එහෙ 'සංස්කෘතිය' ගැන මීට වඩා කතාකරන්න මම කැමති නැහැ ... දන්නෝ දනිති . (ර)
අපෝ ..! බාලි දුපතේ කෙරුම් කියුම් නම් මතක් කරන්න එපා . (ර)
සොපි, බාලි දුපත දැකලා තියනවද සිතියමෙන්වත්? මම 1994 ඉඳලා පදිංචි වෙලා ඉන්නේ බාලි දුපතේ. මතක් කරන්න එපා කියන නිසා කියලා දෙන්නේ. 2015 අවුරුද්දට විතරක් 4,001,835 විදෙස් සංචාරකයන් ආ තැනක්. අපිට එන හිඟන ඉන්දියන් සංචරාකයෝ වගේ නෙමෙයි. බාලි දුපතේ වගේ ආගන්තුක සත්කාරයට දේශීය සංකෘතියට මුල් තැන දෙන ජාතියක් ජීවත්වෙන වෙනත් රටක් ලෝකේ කිසිම තැනක නැහැ. මුළු දුපතේම මිනිස්සු ජීවත්වෙන්නේ සංචාරක කර්මාන්තයෙන්. (නි)