ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා පළාතේදී  බස් රථයක් ගඟකට පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයෝ 26 දෙනෙක් මරණයට පත්ව තවත් 13 දෙනෙක් තුවාල ලැබූහ.

ඊයේ රාත්‍රීයේ අඩි 500 ක පමණ බෑවුමකින් බස් රථය පෙරළී අනතුර සිදුවන අවස්ථාවේ  මගීන් පනස් දෙනෙක් පමණ එහි ගමන් කරමින් සිටියහ.ජීවිතාරක්ෂක භටයින් 120 දෙනෙක් මේ වන විට මෙහෙයුම්වල නිරතව සිටිති.

අනතුරට බලපෑ හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශන පැවැත්වේ.

අනතුර සිදුවූ ස්ථානය අවට මාර්ග වසා දමා සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන බව එරට පොලිසිය පවසයි.

මාර්ග සහ වාහන නිසිපරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් සිදුවන අනතුරු ඉන්දුනීසියාවෙන් බහුලව වාර්තා වෙයි.

-226-

 

(බීබීසී ඇසුරෙනි)