ඉන්දුනීසියාවේ කොමඩෝ මකරුන්ට නිවහන වන කොමඩෝ දූපත නැරඹීම සඳහා එළඹෙන වසරේ සිට ඩොලර් 1000ක සාමාජික ගාස්තුවක් අය කිරීමට තීරණය කර ඇතැයි එරට බලධාරීහු පවසති.
කොමඩෝ මකරුන් සහ ඔවුන්ගේ වාසස්ථාන සංරක්ෂණය කිරීම සඳහා දූපත ලබන ජනවාරි මාසයේ සිට සංචාරකයින් සඳහා වසා තැබෙන බව ඉන්දුනීසියානු බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළේය.
දූපතට ඇතුලු වීම සඳහා දැනට සංචාරකයෙකුගෙන් ඩොලර් 10ක් අය කරන අතර පසුගිය වසරේදී 176000ක පිරිසක් දූපත නැරඹීමට පැමිණ ඇති බව සඳහන් වේ.
හඳුන්වා දීමට නියමිත ගාස්තු ක්‍රමය වඩාත් සාධාරන එකක් බවද ඉන්දුනීසියානු බලධාරීහු පවසති.
කටුසු පවුලට අයත් ලෝකයේ විශාලම සතුන් වන කොමඩෝ මකරුන් මීටර් තුනක් පමණ දිගට වැඩෙන අතර තියුණු දත් දක්නට ලැබේ. මොවුුන් විෂ සහිත සතුන් වර්ගයකි.
කොමඩෝ දූපකේ මෙම සතුන් 1700ක් පමණ ජීවත් වන අතර තවත් සතුන් 1000ක් පමණ රින්කා දූපතේ පිහිටි ජාතික උද්‍යානයේ ජීවත් වෙති. මෙම දූපත් දෙකම ලෝක උරුම ලෙස නම් කර ඇත.
085
COMMENTS