ඉන්දුනීසියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් පිහිටි සුමාත‍්‍රා දූපත ආසන්න ප‍්‍රදේශය ඊයේ(25) රික්ටර් පරිමාණයේ ඒකක 6.4ක් සටහන් කළ භූමි කම්පාවකින් කැළැඹී ගිය බවත් ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. භූකම්පනය සිනාබන්ග් ප‍්‍රදේශයට කිලෝමීටර් 34ක් වයඹදිගින් පිහිටි ස්ථානයක කිලෝමීටර් 22ක් භූ අභ්‍යන්තරයේ හට ගත් බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි. මිනිත්තු හතරක පමණ කාලයක් භූචලනය පැවැති බවත් ඒ සමඟම ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි වූ බවත් සිනාබන්ග්හි වැසියෝ පවසති. මෙම භූකම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නැතැයි ඔස්ටේ‍්‍රලියානු කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
1
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd