බ්‍රිතාන්‍ය කාන්තාවකට එන්නත් කිරීමට දක්වන භීතිකාවක් හේතුවෙන් අගන්‍යාශ බද්ධයක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. බීබීසී පුවත් සේවය පවසන්නේ මෙවැන්නක් සිදුකර ඇත්තේ ලෝකයේ ප්‍රථම වරට බවයි.
ලින්කොලින් ප්‍රාන්තයේ පදිංචි සුයි යෝක් (55) නම් මෙම කාන්තාවට දියවැඩියා රෝගය වැළඳී ඇත්තේ වයස අවුරුදු හතේදීය. ඇගේ වෛද්‍යවරු පවසන්නේ දියවැඩියා රෝගයට ලබාදෙන ඉන්සියුලින් ඖෂධය ඇගේ සිරුරට එන්නත් කළ විට පාලනය කළ නොහැකි කම්පන තත්වයක් හා වමනයක් ඇතිවන බවයි.
ඉදිකටු භීතිකාව ලෙස හඳුන්වන මෙම තත්වය දිගින් දිගටම උත්සන්න වීම නිසා සුයි යෝක්ට අගන්‍යාශ බද්ධයක් සිදුකිරීමට වෛද්‍යවරු තීරණය කළහ. සැත්කම සිදුකළ මැන්චෙස්ටර් රාජකීය රෝහලේ වෛද්‍යවරු පවසන්නේ සැත්කමින් පසු ඇය පෙරටත් වඩා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.
සැත්කමින් පසු ඇගේ සිරුරේ ශක්තියද සංවේදීතාවයද වැඩි වී ඇති අතර ඇස් පෙනීමද වැඩි දියුණු වී ඇතැයි වෛද්‍යවරු පවසති.
COMMENTS
ඉක්මනට මේ ක්‍රමය ලංකාවටත් එනවා නම් නියමයි. (නි)
අග්න්‍යාශ බද්ධය පළමුව සිදුවෙන්නේ මම දන්නා තරමින් නම් 1966 දී. (නි)
ලෝකය පුරාම සාර්ථක වේවා ඇයටද තවත් නීරෝගී සුවය ලැබේව (කෞ)