ඉතාලි ජනමත විචාරණයේ පරාජයත් සමග එරට අගමැති මැටියෝ රෙන්සි ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඉතාලියේ නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුද යන්න සම්බන්ධයෙන් මෙම ජනමත විචාරණය පැවැත්විණි. එහිදී අගමැති රෙන්සි කියා සිටියේ ජනමත විචාරණය පරාජයට පත්වුවහොත් තමා ඉල්ලා අස්වන බවයි.
සිය ධූරයෙන් සමුගනිමින් අගමැතිවරයා සංවේදී කථාවක් කළ බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. ‘රජය වෙනුවෙන් මගේ අත්දැකීම් මෙතෙකින් අවසන්. මෙය ජයග්‍රහණයක් කරා ගෙනයාමට මම සියලු දේ කළා. ඔබ අරමුණක් වෙනුවෙන් සටන් කළොත් ඔබ පරාජය වෙන්නේ නෑ‘ යැයි රෙන්සි සඳහන් කරයි.
යෝජනා කරන ලද නව ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ සඳහා ඉතාලි ජනයාගෙන් සියයට 60ක පිරිසක් විරෝධය පළ කර ඇති අතර එය ඉතාලි පාර්ලිමේන්තු ක්‍රමවේදයේ සහ ව්‍යවස්ථාවේ වෙනස් කම් සිදුකිරීමට කළ උත්සාහය අතුගා දැමීමක් බව දේශපාලන විචාරකයෝ කියති.
එරට ජනප්‍රිය තරු පහේ සංවිධානය මේ වෙනුවෙන් ජනමත විචාරණයක් ඉල්ලා සිටි අතර මෙය ඔවුන්ගේ ජයග්‍රහණයක් බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනික හා ආර්ථික අතින් මොන දේ සිදු උනත් මේ තරම් සංක්‍රමිනකයන් වැළද ගන්න රටක් මම අහලවත්, දැකලවත් නැහැ. (ර)
සම්පුර්ණ ඇත්ත චමින්ද මල්ලි. ඉතාලිය තරම් වගාවන්ගෙන් ශශ්‍රීක, නිවාඩු කාලවල සැපෙන් නිවාඩු ගතකරන, ඉතාමත් ඉහළ තත්වයේ අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති මේ රටේ නියම ආර්ථිකය ගණන් බැලිය නොහැක. මේ රටේ විශාල කළු ආර්ථිකයක්ද ඇත. ඒ නිසා යහමින් සල්ලි ඇති ෆෙරාරි, මැසරාති, බුගාති කාර් වලින් යන, නිතර ත්‍රී පීස් සුට් අඳින මේ ඉතාලි රටේ ඉන්න ලාංකිකයන් තරම් පොහොසත් සංක්‍රමණික මිනිස්සු ලොව කොහෙවත් නැති බව මගේ අත්දැකීමයි. (නි)
මෙහෙත් ජනමත විචාරණයක් පවත්වන්න යනවලු නේද? (ම)
ආර්ථික සහ මුල්‍යමය වශයෙන් කඩා වැටෙන තවත් යුරෝපීය රටකි ඉතාලිය. තරුණ විරැකියාව අඩු කිරීමට කිසිදු ආයෝජනයක් නොකරන මේ රටේ පාර්ලිමේන්තුවේ බහුතරය නීතීඥයන්ය. මේ නිසාම මොවුන් රටේ දැවෙන තරුණයන්ගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නෙම නීති i සම්පාදනය කිරීම, අක්‍රීය බැංකු වලට අසීමිතව රාජ්‍ය ප්‍රාග්ධනය සැපයීමය. ලොව උගතුන් වැඩිම පාර්ලිමේන්තුව මෙය වුනත් රටට මේ දක්වා විශාල දියුණුවක් වීමට මේ උගත්කම් දායක වී නැත. (ර)
රෙන්සි මහතාට නැවත එම පදවිය ලැබීමට බොහෝදුරට ඉඩ ඇත. එසේ වන්නේ නම් එය ඉතාලියේත්, ඉතාලියේ සිටින විදේශිකයන්ගේත් යහපතට හේතු වෙන බව සිතිය හැකිය. (නි)