IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉතාලි අගමැතිටත් යන්න වෙයි

ඉතාලි ජනමත විචාරණයේ පරාජයත් සමග එරට අගමැති මැටියෝ රෙන්සි ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉතාලියේ නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුද යන්න සම්බන්ධයෙන් මෙම ජනමත විචාරණය පැවැත්විණි. එහිදී අගමැති රෙන්සි කියා සිටියේ ජනමත විචාරණය පරාජයට පත්වුවහොත් තමා ඉල්ලා අස්වන බවයි.

සිය ධූරයෙන් සමුගනිමින් අගමැතිවරයා සංවේදී කථාවක් කළ බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. ‘රජය වෙනුවෙන් මගේ අත්දැකීම් මෙතෙකින් අවසන්. මෙය ජයග්‍රහණයක් කරා ගෙනයාමට මම සියලු දේ කළා. ඔබ අරමුණක් වෙනුවෙන් සටන් කළොත් ඔබ පරාජය වෙන්නේ නෑ‘ යැයි රෙන්සි සඳහන් කරයි.

යෝජනා කරන ලද නව ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ සඳහා ඉතාලි ජනයාගෙන් සියයට 60ක පිරිසක් විරෝධය පළ කර ඇති අතර එය ඉතාලි පාර්ලිමේන්තු ක්‍රමවේදයේ සහ ව්‍යවස්ථාවේ වෙනස් කම් සිදුකිරීමට කළ උත්සාහය අතුගා දැමීමක් බව දේශපාලන විචාරකයෝ කියති.

එරට ජනප්‍රිය තරු පහේ සංවිධානය මේ වෙනුවෙන් ජනමත විචාරණයක් ඉල්ලා සිටි අතර මෙය ඔවුන්ගේ ජයග්‍රහණයක් බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. 



අදහස් (0)

ඉතාලි අගමැතිටත් යන්න වෙයි

චමින්ද මඩවල Monday, 05 December 2016 04:29 PM

දේශපාලනික හා ආර්ථික අතින් මොන දේ සිදු උනත් මේ තරම් සංක්‍රමිනකයන් වැළද ගන්න රටක් මම අහලවත්, දැකලවත් නැහැ. (ර)

:       0       0

පිටිගල මිලානෝ Monday, 05 December 2016 08:57 PM

සම්පුර්ණ ඇත්ත චමින්ද මල්ලි. ඉතාලිය තරම් වගාවන්ගෙන් ශශ්‍රීක, නිවාඩු කාලවල සැපෙන් නිවාඩු ගතකරන, ඉතාමත් ඉහළ තත්වයේ අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති මේ රටේ නියම ආර්ථිකය ගණන් බැලිය නොහැක. මේ රටේ විශාල කළු ආර්ථිකයක්ද ඇත. ඒ නිසා යහමින් සල්ලි ඇති ෆෙරාරි, මැසරාති, බුගාති කාර් වලින් යන, නිතර ත්‍රී පීස් සුට් අඳින මේ ඉතාලි රටේ ඉන්න ලාංකිකයන් තරම් පොහොසත් සංක්‍රමණික මිනිස්සු ලොව කොහෙවත් නැති බව මගේ අත්දැකීමයි. (නි)

:       0       0

නිරු Monday, 05 December 2016 07:20 AM

මෙහෙත් ජනමත විචාරණයක් පවත්වන්න යනවලු නේද? (ම)

:       0       0

පිටිගල මිලානෝ Monday, 05 December 2016 07:43 AM

ආර්ථික සහ මුල්‍යමය වශයෙන් කඩා වැටෙන තවත් යුරෝපීය රටකි ඉතාලිය. තරුණ විරැකියාව අඩු කිරීමට කිසිදු ආයෝජනයක් නොකරන මේ රටේ පාර්ලිමේන්තුවේ බහුතරය නීතීඥයන්ය. මේ නිසාම මොවුන් රටේ දැවෙන තරුණයන්ගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නෙම නීති i සම්පාදනය කිරීම, අක්‍රීය බැංකු වලට අසීමිතව රාජ්‍ය ප්‍රාග්ධනය සැපයීමය. ලොව උගතුන් වැඩිම පාර්ලිමේන්තුව මෙය වුනත් රටට මේ දක්වා විශාල දියුණුවක් වීමට මේ උගත්කම් දායක වී නැත. (ර)

:       0       0

වින්සන්ට් Wednesday, 07 December 2016 06:06 PM

රෙන්සි මහතාට නැවත එම පදවිය ලැබීමට බොහෝදුරට ඉඩ ඇත. එසේ වන්නේ නම් එය ඉතාලියේත්, ඉතාලියේ සිටින විදේශිකයන්ගේත් යහපතට හේතු වෙන බව සිතිය හැකිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site