IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉතියෝපියා අගමැති දිවියෙන් සමුගනී

දශක දෙකක් තිස්සේ ඉතියෝපියාවේ අගමැති ධූරය දැරූ පනස්හත් හැවිරිදි මෙලේස් සෙනාවි විදෙස් රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා(21) මියගිය බව එරට රජය ප‍්‍රකාශ කළේය. මීට මාස දෙකකට පෙර හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් ප‍්‍රතිකාර ගැනීම සඳහා බ‍්‍රසල්ස්හි පිහිටි රෝහලක් වෙත මෙලේස් මාරු කර යවා ඇති බවත් එහිදී අගමැතිවරයා මියගොස් ඇති බවත් එරට රජය වැඩිදුරටත් සඳහන් කළේය. ඉතියෝපියාවේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය මෙන්ගිට්සු හයිලේ මරියම් බලයෙන් පහකර 1991 දී බලයට පත් වූ මෙලේස් එරට කැරැලි නායකයෙකි. අගමැතිවරයාගේ අභාවයෙන් හිස් වූ ධූරයට එරට උප අගමැති ලෙස කටයුතු කරන පනස්හත් හැවිරිදි හේලිමරියාම් ඩෙසලෙගන් පත් කරනු ඇතැයි වාර්තා වේ. මෙලේස් ශ්‍රේෂ්ඨ නායකයකු බව පැවසූ කෙන්යා අගමැති රයිලා ඔඩින්ගා සඳහන් කළේ ඔහුගේ මරණයෙන් පසුව ඉතියෝපියාවේ අනාගතය පිළිබඳ සැකසංකා මතුවන බවයි.



අදහස් (0)

ඉතියෝපියා අගමැති දිවියෙන් සමුගනී

දිල්ශානි Thursday, 23 August 2012 02:59 PM

මා දන්නා තරමින් ඔහු හොද කෙනෙක් (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 23 August 2012 12:38 PM

මොහුගේ කාලයේදී එම රටවැසියන්ට යම්කිසි සහනයක් ලැබුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site