IMG-LOGO

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා


ඉතියෝපියාවේ සිදාමා කණ්ඩායම ස්වයංනීර්ණ අයිතිය සඳහා ජනමත විචාරණයක

ඉතියෝපියාවේ සිදාමා සුළුතර කණ්ඩායමේ සාමාජිකයින් සඳහා ස්වයංනීර්ණ අයිතිය ලබාගැනීමේ ජනමත විචාරණය අද (20) පැවැත්විණි.

මෙය සීඝ්‍ර ප්‍රතිසංස්කරණයක් සිදු වූ වසරකට පසුව වාර්ගික ඉල්ලීම් සහ දේශපාලන වෙනසක් සාමකාමීව කළමනාකරණය කිරීමට ඉතියෝපියාවට ඇති හැකියාව පිළිබඳ පරීක්ෂණයක් ලෙස  විචාරකයෝ සඳහන් කරති.

ඉතියෝපියාවේ සමස්ථ ජනගහනය මිලියන 105 ක් පමණ වන අතර එයින් සියයට හතරක් පමණ සිදාමා ගෝත්‍රිකයෝ වෙති.

සිදාමා ඡන්ද දායකයින් මෙම ජනමත විචාරනය විස්තර කළේ ජීවිත කාලය පුරාම කැපකර ලබාගත් ජයග්‍රහණයක් සහ ස්වයං පාලනයක් සඳහා දශකණනාවක අරගලයේ අවසානයක් ලෙසය.

ඉතියෝපියාවේ ආන්ඩුක්‍රම ව්‍යාවස්ථාව මගින් එරට ජනවාර්ගික කණ්ඩායම් 80 කට පමණ ස්වයං පාලනයක් ලබාගැනීමේ අයිතිය ලබා දී ඇත.

පසුගිය වසරේ බලයට පත්වූ නොබෙල් සාම ත්‍යාග ලාභී අභී අහමඩ් අගමැතිවරයා යටතේ වඩාත් විවෘත සමාජයක් බිහිකිරීමේ ප්‍රතිසංස්කරණ සඳහා සාකච්ඡා පැවැත්වේ.

ජනමත විචාරණය අපේක්ෂා කරන පරිදි සම්මත වුවහොත් ප්‍රාදේශීය බදු අයකිරීම්, අධ්‍යාපනය, ආරක්ෂාව සහ අධිකරණය යන අංශ ඉතියෝපියාවේ දසවන කළාපය බවට පත්වන සිදාමා විසින් පාලනය කෙරෙනු ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

ඉතියෝපියාවේ සිදාමා කණ්ඩායම ස්වයංනීර්ණ අයිතිය සඳහා ජනමත විචාරණයක

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පේරු හිටපු ජනපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මියයයි
2024 සැප්තැම්බර් මස 12 115 0

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයකු වන ඇල්බර්ටෝ ෆුජිමෝරි අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 ක් බව පැවැසෙයි.


පාප්තුමා සිංගප්පූරුවට
2024 සැප්තැම්බර් මස 12 67 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා, සිය අග්නිදිග ආසියානු සංචාරයේ අවසානය සනිටුහන් කරමින්, සිංගප්පූරුව බලා පැමිණියේය. පාප්තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබ


යුක්රේන රුසියන් යුද්ධය: මෝදිගෙන් සැම සැලැස්මක්
2024 සැප්තැම්බර් මස 12 164 0

රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමට, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැදිහත් වී, සාම සැලැස්මක් සකස් කර ඇති අතර, එම සාම සැලැස්ම, ඉන්දීය ආරක්ෂක උපදේ


සැප නැවක් අයිස් කැබැල්ලක හැපිලා
2024 සැප්තැම්බර් මස 12 151 0

ඇලෙස්කාවේ, ‘කානිවල් ස්පිරිට්’ සුඛෝපබෝගී නෞකාව, ඇලෙස්කාවට ඔබ්බෙන්, මුහුදේ යාත්‍රා කරමින් තිබියදී, අයිස් කුට්ටියක හැපී ඇත. විදෙස් මාධ්‍ය මෙම පුවත වාර්ත


යුක්රේනයට පහර දෙන්න ඉරානයෙන් මිසයිල
2024 සැප්තැම්බර් මස 11 363 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී, යුක්රේනයේ ඉලක්කවලට පහර දීමට ඉරානය රුසියාවට කෙටි දුර බැලැස්ටික මිසයිල ලබා දී ඇතැයි ඇමෙරිකාව චෝදනා කරයි.


පාකිස්තානයට යන්නේ බලාගෙනයි
2024 සැප්තැම්බර් මස 11 259 0

ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්න වීමේ අවදානමක් ඇති බැවින්, පාකි්සතානයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකන් රජය එරට වැසිය්නගෙන් ඉල්ලීමක් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 23 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2051 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 946 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site