ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවරට කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටි ඔරෝමියා හි ආගමික උත්සව අවස්ථාවක පැවැත්වූ විරෝධතාවයකදී 52ක් පමණ මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ කලබලකාරී තත්වය පාලනය කිරීමට පොළිසිය කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර සහ රබර් උණ්ඩ භාවිතා කිරීම නිසා මියගිය සංඛ්‍යාව ඉහළ ගිය බවයි.

ඔරෝමෝ ක්‍රියාකාරිකයෙකු වන ජවාර් මොහොමඩ් පවසන්නේ 300ක් පමණ දෙනා මියගොස් ඇති බවයි. සාමකාමීව විරෝධතාවයේ යෙදුණු පිරිසට හමුදා කණ්ඩායම් සහ යුද හෙලිකොප්ටරයකින් ප්‍රහාර එල්ල කළ බවත් කලබල වූ මිනිසුන් කඳු ගැටයක් සහ විලක් වෙත දිවයාමේදී අනතුරු සිදුවූ බවත් ඔහු පවසයි.

web_91490985_mediaitem91490984 web_91491843_mediaitem91491086